සිංගප්පූරුවට තනියම සංචාරයකට යමුද?

සිංගප්පූරුවට සංචාරය කරන්න යන්න බොහෝ දෙනෙක් කැමතියි. එයට හේතුව වෙන්නේ මේ රටේ තියන දියුණුව, ආරක්ෂාව සහ සංචාරක ආකර්ෂණය දිනූ ඉලක්ක ගත ස්ථාන. ඔයා ආසයි නම් තනියම සිංගප්පූරුව බලල එන්න අඩු වියදමකින්, මේ ලිපියෙන් කතා කරන්නේ ඒ ගැන තමයි.

සිංගප්පූරු සංචාරය ගැන මගේ වීඩියෝව බලලා නම් ඔයා මාත් එක්ක එකතුවෙන්නේ ඔන්න දැන් අපි සිංගප්පූරුව ගැන කතා කරන්නයි යන්නේ.

මේ ලිපියෙන් මම ඔබත් එක්ක බෙදා ගන්නා දේවල් තමයි පහතින් කෙටි මාතෘකා විදිහට ඛණ්ඩනය වෙන්නේ.

මේ ලිපිය හරහා නම් ඔයා මාත් එක්ක එකතු වෙන්නේ ඔන්න ඔයාට පුළුවන් සිංගප්පූරුවේ ලස්සන ඇස් වලින් දකින්න. ඉතින් පහතින් ඇති වීඩියෝව බලන්න ඔයාට පුළුවන්.

සිංගප්පූරුවට යන්න කලින් ලෑස්ති කරගන්න අවශ්‍ය දේවල්.

සිංගප්පූරුවට තනියම යන්න ඔයා හිතන් ඉන්නවානම් ඔයාට මෙන්න මේ දේවල් ටික ඕනේ.

ඔන්න මෙන්න මෙහෙමයි ගමන යන්නේ. පාස්පෝට් එකක් ඕනේ වෙන රටකට යන්න.
ඉතින් පාස්පෝට් එකක් හදාගන්නේ කොහොමද?
දැන් පාස්පෝට් ඔෆිස් එක තියෙන්නේ බත්තරමුල්ලේ.
වන් ඩේ සර්විස් ඒ කියන්නේ එක් දිනයක් තුළදි ඔයාට පාස්පෝට් එක හදාගන්න පුළුවන්. ඒකට විසිදහක් හෝ විසිපන්දහසක මුදලක් යනවා. නමුත් ඊට වඩා ගොඩාක් අඩු මුදලක් යන්නේ සාමාන්‍ය විදිහට පාස්පෝට් එකකට අයදුම් කරාම. තැපැලෙන් ඔයාගේ ගෙදරට එවනවා. ඒකට යන්නේ පන්දහසක් හෝ හත්දහසක් වගේ මුදලක්.

දැන් ඔයාට පාස්පොට් එක තියනවා. ඊලගට අවශ්‍ය වෙන්නේ ටිකට්ස්. මම දැන් ඔයාට කියන්නේ රහසක්. මේක බොහෝමයක් දෙනෙක් දන්නේ නැහැ. සාමාන්‍යෙයන් බොහෝ දෙනෙක් කරන්නේ විදෙස් ගත වෙන දිනය ලංකරල ටිකට් බුක් කරන එකයි.

ඒත් ඔයගොල්ලෝ දන්නවද ගමනට මාස 02 කට 03 කට කලින් ටිකට් බුක් කරන එක ගොඩාක් වාසිදායකයි. මිල අඩුයි.
දැන් මං කියන්නේ වෙබ් සයිට් එකක් ගැන. find my fare මේ වෙබ් එකෙන් ඔයාට නිතර නිතර ලොග් වෙලා බලන්න පුළුවන් ටිකට් වල මිල ගනන්. අඩු වෙච්ච ගමන් සීට් එකක් හෝල්ඩ් කරගන්න. ඒක වාසි දායකයි.

ටිකට් එක බුක් කරාට පස්සේ ඔයාට බෝඩින් පාස් එකක් හම්බවෙනවා. ඒ කොලේ ඔයාගේ විස්තර නිවැරදිව පුරවන්න ඕනේ.

ඔයාට පුළුවන්නම් යන්න කලින්ම හොටෙල් එකක් බුක් කරන්න.ඒක පහසුයි. ඔන් ලයින් ඇප් බොහෝම ප්‍රමාණයක් තියනවා.

දින හතරක සංචාරයක් තමයි හොදම.

ඇත්තටම සිංගප්පූරුවේ දින හතරක් නෙමෙයි මාසයක් වුනත් ඉන්න තරම් ආසා හිතෙන පසුබිමක් තියෙන්නේ . නමුත් ඉතින් බජට් එකට හානියක් නොවෙන්න සිංගප්පූරුවේ ලස්සන තැන් නරඹලා ආයිමත් ගෙදර එන්න දවස් හතරක් හොදටෝම ඇති.

තනියෙන් සංචාරය කරනවානම් ඇයි සිංගප්පූරුවම?

මොකද සිංගප්පූරුවට යන්න ඔයාට කලින් වීසා ඉල්ලුම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන් ඇරයිවල් වීසා තියෙන්නේ. ඒ කියන්නේ සිංගප්පූරුවට යන්න ඔයාගේ පාස්පොට් එකයි බෝඩින් පාස් එකයි ටිකට් එකයි විතරයි ඕනා වෙන්නේ.
අනික තමයි සිංගප්පුරුව සංචාරකයින්ට තීරු බදු ගාස්තු රහිතව භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම ලබා දීලා තියනවා. ෂොපින් කරනවා නම් ඒක ගොඩාක් වාසි දායකයි. ඊලගට එහෙ තියන ප්‍රවාහන සේවය. සිංගප්පුරුවේ හතර කොණටම ලගා වෙන්නේ විශිෂ්ඨ පොදු ප්‍රවාහන සේවාවක් ඒ රටේ ක්‍රියාත්මකයි. තනියෙන් සංචාරය කරන්න බිය වෙන්න අවශ්‍ය නැත්තේ සිංගප්පූරුව ඉතාමත් ආරක්ෂිත රටක් නිසා. මධ්‍යම රාත්‍රී කාලයේ වුනත් ඒ රටේ ගමන් බිමන් යන්න බියවෙන්න ඕනේ නැහැ.

කාලය නිසි ලෙස කලමනාකරනය කරමින් නැරඹිය යුතු ස්ථාන සැලසුම් කරන්න.

සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන රාශියක් සිංගප්පූරුවේ තියනවා.
මේ තියෙන්නේ ඒ ලැයිස්තුවෙන් ස්ථාන කිහිපයක්.

01) සෙන්තෝසා අයිලන්ඩ්
02) ගාඩ්න්ස් බයි ද බේ.
04) නයිට් සෆාරි
05) චයිනා ටවුන්
06) ඕර්කීඩ් ගාඩ්න්
07) සින්ගප්පෝ බොටනිකල් ගාර්ඩ්න්ස්.
09)සිංගප්පෝ zoo එක.
10)මරීනා බේ සෑන්ඩ්
11)සින්ගප්පෝ ෆ්ලයර්

සෙන්තෝසා අයිලන්ඩ් – යුනිවර්සල් ස්ටූඩියෝ

සෙන්තෝසා අයිලන්ඩ් කියන්නේ සිංගප්පුරුවේ තියන දුපතක්. මේක ඇතුලේ තමයි යුනිවර්සල් ස්ටුඩියෝ ,සී ඇක්වේරියම්, මැඩම් තුසාන්ඩ්, කේබල් කාර් රයිඩ් මේ විදිහට ඉවරයක් කරන්න බැරි තරම් දේවල් ඒක ඇතුලේ තියනවා බලන්න පුළුවන්.
විනෝද වෙන්න ලස්සන දේවල් බලන්න පුළුවන් විදිහේ ගොඩාක් දේවල් මේ සෙන්තෝසා අයිලන්ඩ් එක ඇතුලේ තියනවා.

ඒ ගැන නම් මෙහෙම වචන වලින් ලියලා විස්තර කරන්න අමාරුයි. ඒ තරම්ම ලස්සනයි.

සෙන්තෝසා අයින්ඩ් එකට යන්නේ බේ ෆ්‍රන්ට් කියන ස්ටේෂන් එකෙන් බැහැලා. ආ මට ලියන්න අමතක වුනානේ. මම සිංගප්පූරුවට ගිය වෙලවේ ප්‍රවාහන සේවාව විදිහට පාවිච්චි කරේ ඒ රටේ දුම්රිය සේවය. දෙවියනේ ඒක නම් සුපිරිම අත්දැකීමක්. ලංකාවේ දුම්රිය සේවාව වගේ කියල නම් හිතන්න වත් එපා. සෑම විනාඩි 04 කට වතාවක් දුම්රියක් ස්ටේෂන් එකට පැමිනෙනවා. වායුසමනය කරන ලද එම දුම්රිය සේවාවන් හරිම සුවපහසුයි. සිංගප්පූරුවේ සෑම වැදගත් ස්ථානයක් හා සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන යටින් එම දුම්රිය නැවැත්වෙනවා. සිංගප්පූරුවේ පොලොව යටින් තමයි ගොඩාක් දුම්රිය පාරවල් නිර්මාණය වෙලා තියෙන්නේ. ගංගා යටින්, කදු යටින්, ගොඩනැගිලි යටින් මේ උමං දුම්රිය මාර්ග දිවයනවා.
ඉතින් අපිට අවශය ස්ථානයේ දොරකඩටම මේ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වෙනවා. මම මේ දුම්රිය සේවාවෙන් පුදුමකාර විදිහට සතුටු වුනා. ඒ වගේම හිතට ලොකු දුකකුත් දැනුනා අපේ රටේ දුම්රිය සේවාව මතක් වෙලා. සංචාරකයින් වෙනුවෙන්ම වෙන්වුනු අන්ලිමිඩට් පැකේජ් එකක් තියනවා. ඒ කාඩ් එක එක පාර මිලදී ගත්තම නැවත නැවත ටිකට් ගන්න අවශ්‍ය නැහැ. කාඩ් එක ටච් කරලා යන්න පුළුවන්.

සිංගප්පපෝ සී ඇක්වේරියම්

ඊලගට මගේ සිත්ගත් ප්‍රියතම ස්ථානය තමයි සී ඇක්වේරියම් එක. මහා දැවැන්ත ඇක්වේරියම් එකක්. මුළු මනසම හරීම සුවපත් භාවයකින් පුරවනවා. ඔබ අනිවාර්ණයෙන්ම යන්න ඕනෙ. මත්ස්‍ය වර්ග දස දහසකට අධික ප්‍රමාණයක් දකින්න පුළුවන්. අපේ හිසට ඉහළින් ටනල් උඩින් මසුන් පීනමින් යනවා. වීදුරු ටැංකි වල පාද වලට පහළින් මසුන් පීනමින් යනවා. හරි අපූරු අත්දැකීමක්. ඒ කියන්නේ ඔයාට ඉහළිනුත් පහළිනුත් දැවැන්ත මසුන් පීනා යනවා. මත්සණයින්ගෙන් වටවුනු පාරාදීසයක්.

ගාඩ්න්ස් බයි ද බේ

ගාඩ්න්ස් බයි ද බේ කියන්නේ විශාල කලාපයක් සංචාරකයින්ට ඇවිදින්න තියන. ඒක ඇතුලේ ගෘහස්ත කෘතිමව නිර්මාණය කල උස දියඇල්ලක් දකින්න පුළුවන්. ඒ ගෘහස්ත කොටස ඇතුලේ මල් වර්ග දහ දහස් ගනනක් තියනවා. අඩි දහස් ගානක් උඩට විහිදෙන පාලම් නිර්මාණය කරල තියනව. ඉහළම කොටසින් සැගවුනු ලොව දකින්න පුළුන්. දිය ඇල්ල අඩි දහස් ගනනක් උඩ සිට පහළට කඩා හැලෙනවා. ඉන් නික්මෙන ජල වාෂ්ප පහල කලාපයම අපූරු සිසිලසකින් තෙත් කරනවා.

ඊලගට සිංගප්පූරුවේ කෘතිමව නිර්මාණය කරපු අහස උසට පැතිරුනු ගස් වල ආකෘතිය ගත් නිර්මාණයක් බලන්න පුළුවන්.ඒ ගස් ඉහළ එකිනෙක යා කෙරුනු පාලම් නිර්මාණය වෙලා තියනවා. රාත්‍රී කාලයේදී එම ගස් විදුලි බුබුලු වලින් ආලෝකවත් වෙලා හරි අපූරු රටා මවනවා. ඒක නොමිලේම බලන්න පුළුවන්.

මැඩම් තුසාන්ඩ් කලාගාරය.

මේක ඇතුලේ ලොව ප්‍රකට චරික ජීවමානව අඹලා තියනවා. ඉතින් බොහෝ දෙනෙක් මෙතට ඇවිත් බොලිවුඩ් , හොලිවුඩ් නළු නිලියන් සමග රට රටවල ජානාධිපතිවරුන් සමග චරිත කතා සමග චායාරූප ගන්නවා.

ඉතින් විස්තර කරල ඉවර කරන්න තරම් බැරි විදිහට ගොඩාක් දේවල් අපිට සිංගප්පූරුවේදී බලන්න පුළුවන් කරන්න පුළුවන්.

කාලය නිසි පරිදි යොදා ගැනීම.

සිංගප්පූරුවේ බලන්න යන්න පුළුවන් තැන් ගොඩාක් තියන නිසා දවස උපරිම පලදායී අයුරින් භාවිතා කරන්න ඕනේ.

පළමුවෙනි දවස යුනිවර්සල් ස්ටූඩියෝ එකට යන්න තියාගන්න එක වඩාත් හොදයි. ඉන් ලබන ආශ්වාදය උපරිමයි. මතක ඇතුව කෑම අරගෙන යන්න. මොකද ස්ටුඩියෝ එක ඇතුලේ කෑම ගිනි ගනන්.
මුළු දවසම ගෙවෙනවා ඒක ඇතුලේදී ඒ නිසා විමසිලිමත් වෙන්න හැම දෙයක්ම බලලා සවස හතර විතර වෙද්දි එළියට එන්න.

ඊට පස්සේ මැඩම් තුසාන්ඩ් කලාගාරයට යන්න. ඒකට ගොඩාක් අය යනවා ලස්සන ඡායාරූප සෙල්ෆීස් ගන්න පුළුවන් නිසා.
එතන මූවි එකකුත් පෙන්නනවා.

දැන් දවසම ගෙවිලා ඉවරයි. ඔබට හරි වෙහෙසයි. කකුල් කඩිත්තුව හැදිලා තියෙන්නේ මොකද හැම තැනම ඇවිද්දනේ.

රාත්‍රියේදී හෝටලයට යන්න කලින් ඔයාලට පුළුවන් බොඩි මසාජින් හරි ෆුට් මසාජින් හරි සෙන්ටර් එකකට යන්න. ඇගට දැනෙන විඩාවට මේ ස්පා හොද විසදුමක්. ලංකාවේ වගේ ස්පා නෙමෙයි සංචාරකයින් ඕනෑම කෙනෙක් යන මසාජ් සෙන්ටර්ස් තමයි තියෙන්නේ.

දෙවෙනි දවසදි ආයිමත් සෙන්තෝසා අයිලන්ඩ්ම එන්න සී ඇක්වේරියම් කේබල් කා රයිඩ් එකට එහෙම යන්න.
රාත්‍රියේ සිංගප්පූරුවේ වෙරළ තීරයේ ටයිම් ඔෆ් ද වින්ඩ් කියල ලේසර් කිරන හා ජලය උපයෝගී කරගෙන කෙරෙන අපූරු සංදර්ශනයක් තියනවා ඒක බලන්න.

තුන්වෙනි දවසේ ගාඩ්න්ස් බයිද බේ බලන්න යන්න පුළුවන්. එදා උදේ වරුව ෂොපින් කරල හවසට යන්න ගාඩ්න්ස් බයි ද බේ ,එතකොට හවස තියන සංදර්ශනය බලලම හොටෙල් එකට එන්න පුළුවන්.

හතරවෙනි දවස සිංගප්පූරුවේ අනිත් කොනේ තියන සත්තුවත්ත ඒක ඇතුලේ අනෙක් සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන බලන්න යන්න පුළුවන්. එතනදි පුංචි දියපාරක බෝට්ටු දිගේ සත්තු බලන්න යන්න පුළුවන්.

හතරවෙනි දසව වෙද්දි ඔයා ෂොපින් කරල ඉවරයි ඒ නිසා ඔයාගේ ගමන් මලු අසුරලා හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලාම මේ ස්ථාන බලන්න ගියානම් හොදයි. කොහොමත් හොටෙල් එකෙන් අපිට ගමන්මලු තියන්න වෙනම ස්ථානයක් ලබා දෙනවා.ඒ ඉඩ අරගෙන ඔයාගේ බෑග් තියන්න.

ෆ්ලයිට් එකට වෙලාව හරියට ඉතුරු කරගෙන එයාර්පෝට් එකට පැය 02 කට කලින් එන්න.

සිංගප්පූරු රටේ ආහාර පාන.

සිංගප්පුරුවේ විවිධාකාර ආහාරපාන දකින්න පුළුවන්. ශ්‍රී ලාංකිකයන් විදිහට ඉන්දියන් ආහාර පාන තමයි අපිට සුදුසු. ඒක මගේ අදහස. තායි කෑම නම් මට එච්චර ඇල්ලුවේ නැහැ. සිංහල හෝටලයකුත් කියනවලු. මට යන්න නම් ලැබුනේ නැහැ එහෙට.
සිංගප්පූරුවේ තමන් නවතින්නට තෝරා ගන්න කිසිම හෝටලයක උදෑසන ආහාර වේල ලැබෙන්නේ නැහැ. ඔබට ආහාර ලබා ගන්න අවශ්‍ය නම් ඊට ගෙවීමක් කරන්න වෙනවා. ටිප්ස් ලබා දීම අනවශ්‍යයි. කිසිම කෙනෙක් ටිප් ඉල්ලන්නේ නැහැ.

ඔබ ෂොපින් කරනවානම්.

සිම්ලිම් ටවර් සහ සිම් ලිම් ස්කුආර්.

මෙතන තියෙන්නේ ඉලෙක්ට්‍රොනික උපාංග. මිල ගනන් අඩුයි. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ කපටි වෙලෙන්දෝ වැඩියි. කේවල් කරල ගන්න . එකකොට අඩු කරනවා.

චයිනා ටවුන්
මේ වීදියේත් විවිධාකාර දේවල් දකින්න පුළුවන්. මිල ගනන් කේවල් කරගත යුතුයි.

මුස්තෆා සෙන්ටර්

ලිට්ල් ඉන්දියා හරියේමයි මේ ශොපින් සෙන්ටර් එක තියෙන්නේ. මිල ගනන් අඩුයි. සියලූම සේවාවන් මෙහි ක්‍රියාත්මකයි.
ලංකාවෙන් එන බොහෝමයක් අය මෙහෙට එනවා මිල ගනන් අඩු නිසා.

ජනතාව
චීන ජාතිකයින් තමයි ප්‍රධාන ජන වර්ගය. ලෝකයේ වෙනත් රටවලදි දකින්න ලැබෙනවා වගේ මේ රටේත් ඉන්දියානුවන් විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන්. මැලේ ජාතිකයිනුත් දකින්න පුළුවන්. රටේ ඉන්නේ ඉතාමත් දැකුම්කලු ජනතාවක්. නිතරම විලාසිතා වලින් සැරසිලා ඉන්නවා දකින්න පුළුවන්.

ඉතින් සිංගප්පූරුවේ මතකයන් මට සිහිපත් වෙද්දි දැනුත් මගේ දෙනෙත් ආලෝකමත් වෙනවා . ඒ තරමටම සුන්දර අත්දැකීමක් ඒක. ඔයා සිංගප්පූරුවට යන්න ආසයි නම් ඔන්න මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. මේ විස්තර කලේ තනියම යන්න පුළුවන් ක්‍රම ඒත් හිතට බයක් වගේ දැනෙනවා නම් මාත් එක්ක එකතු වෙන්න පුළුවන්.

හැබැයි මේ අවස්ථාව හිමි වෙන්නේ ගෑණු ළමයින්ට විතරයි. මාත් එක්ක යන්න පුළුවන් girl boss කෙනෙක්ට තමයි. ඔයාලගේ යාලුවොත් එක්ක සෙට් වෙලා උනත් පුළුවන්. හැබැයි කාන්තා පාර්ශවය විතරයි.

email – [email protected]
phone – 0767415171

තනියම සංචාරයට යනවානම් මේ රටේ ඔබ දැනගත යුතු නීති රීති

සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන ඇතැම් නීති ඉතාමත් තදයි. මේ රට ඉතාමත් පිරිසිදුයි. කැලි කසල තබා ටොපි කොලයක් වත් බිම දකින්න නැහැ. ඊට හේතුව තැන තැන කුණු දැමීම පොදු ප්‍රවාහන සේවාවන්හි ආහාර ගැනීම දැඩි දඩයකට යටත්විය හැකි නීතිමය වරදක්. පාරේ තියන සාමාන්‍ය බස් නැවතුම්පලවල් වල පවා කැමරා සවි කරල තියනවා දකින්න පුළුවන්. පරිසරය ආරක්ෂා කිරීම, මාර්ග නීති ආරක්ෂා කිරීම යනාදී අංශ කෙරෙහි ද තද නීති රීති ක්‍රියාත්මකයි. ඒ වගේම තමයි සිංගප්පූරුවේ තියන මේ පිරිසිදු පිළිවෙල භාවය මම නම් දකින්නේ ඒ රටේ ජීවත්වන ජනතාවගේ තියන විනය පද්ධතිය කියල. මම දැකපු දෙයක් තමයි දුම්රිය ස්ථාන වලදි ජනතාව ඉතාමත් විනය ගරුකයි. දුම්රිය නැවැත්වූ වහාම දුවගෙන පොරකමින් ගිහින් නගින්නේ නැහැ. එක පසෙකට වෙලා දුම්රියෙන් පිටතට පැමිනෙන අයට එන්නට ඉඩ දෙනවා. අනෙක් පසෙන් තමයි ඔවුන් දුම්රියට ගොඩ වෙන්නේ. ඒ විනය දැකල නම් මම පුදුමවුනා. මමත් මුල්ම දවසේ කඩිමුඩියෙන් දුම්රියට නගින්න බලාගෙනයි හිටියේ. ඒත් මේ ජනතාව නිවි සැනසිල්ලේ එන කට්ටියට එන්න ඉඩ දීලා බලන් ඉන්න හැටි දැකලා මට මගේ කලබලය ගැන ලැජ්ජත් හිතුනා. ඒ නිසා අපේ රටේ වගේ නම් දුම්රියපලවල් වල කන්න ඉතුරු වුන කොළ කෑලි බිම දාන්න නම් හිතන්නවත් එපා. දඩ කන්න තමයි වෙන්නේ. මාර්ග නීති රීති ගැන කතා කරාම අපේ රටේ වගේ තාප්ප අස්සේ ගස් අස්සේ හැංගිලා ඉදල ඉස්සරහට පනින පොලිස් සේවාවක් එහෙ නැහැ. සියල්ල කැමරාවෙනවා . නීතියක් කඩ කල වහාම අදාල අයිතිකරුගේ නිවසටම දඩ පත්‍රය යවනවා.වාහන නවත්වාගෙන ප්‍රශ්න කිරීම් නැහැ. ආරක්ෂිත කැමරා පද්ධිතියේ සියල්ල සටහන් වෙනවා. සිංගප්පූරුවේ මේ විනය නීතිරීති මගින්ම ඇතිකෙරුනක් නෙවෙයි. ඒ සදහා විශාල දැනුවත් කිරීමේ ව්‍යාපාර ඒ කාලයේ එරට රජය විසින් ක්‍රියාත්මක කර තිබුනා. විශේෂයෙන්ම 1968 සිංගප්පූරුව පිරිසිදුව තබා ගමු කියන ව්‍යාපාරය මේ වෙලාවේදී මතක් කල යුතුමයි.

ඉතින් මොකද හිතන්නේ සීක්‍රට්දූ ගේ ලිපිය ගැන. ඔබේ අදහසත් පහළින් ලියා තබන්න අමතක කරන්න එපා..

 

 

 

Leave a Reply

Your email address will not be published.