ස්වයං යෝජනාවක් යනු කුමක්ද?

ස්වයං යෝජනාවක් යනු කුමක්ද?

ස්යවං යෝජනාවක් කියන්නෙ තමන් විසින්ම තමන්ට ලබා දෙන ඉල්ලීමකට. ස්වයං යොජනා වල බලය ගැන අමුතුවෙන් විග්‍රහ කල යුතු නැහැ.

– ඔබ සිතනා දේ ගැන පරිස්සම් විය යුත්තේ ඔබ ඒවා ලබාගන්නා බැවින් –

චිත්ත බලය යොදාගෙන ස්වයං යෝජනා හරහා තමන්ගේ ජීවිතය සාර්තක කරගත් මිනිසුන් විශාල ප්‍රමාණයක් සිටිනවා.
මොවුන් ඒ සදහා යොදාගන්නා උපක්‍රමයන් අපි අදුනගමු.

01 Auto suggestion – ස්වයං යෝජනාව
02 Picturise – මනෝ චිත්‍රණය
03 actualise – චිත්‍රණය සත්‍ය බවට හැරවීම.

ස්වයං යෝජනාව යනු දිනපතා ඔබ විසින් ඔබේ සිතට ඉදිරිපත්කල යුතු ඉල්ලීමයි. එම ස්වයං යෝජනාව

01) සරල විය යුතුයි
02) නිශ්චිත විය යුතුයි
03) විශ්වාස කලයුතුයි.
04) පීතිමත් චිත්ත ස්වභාවයක් තිබිය යුතුයි

ඔබට අවැසි දේ ඉතා සරළව සිතට දෙන්න. යෝජනාව ඉටුවන බව තරයේ විශ්වාස කල යුතු අතර අතිමහත් භක්තිමත් සිතින් යුතුව සිතෙන්- සිතට යෝජනාව කළ යුතුයි. ඉඩ ලද සෑම මොහොතකම රිය පැදවනවිට,දුම්රියේදී බසයේදී නිල අසුන මත රැදී සිටියදී මොහොතක් නිසලව මේ ස්වයං යෝජනාව යටි සිතට වදයක් නොවන අයුරින් ඉතා මෘදුව ඇතුල් කල යුතුයි. ස්වයං යෝජනා කළ යුත්තේ තැවුල් සිතින් නොව, අපමණ චිත්ත සන්තුෂ්ටියකිනි.සියල්ල සිදීබිදී ගියද තමාට ශක්තිමත් සිතක් සහ විශ්ව බලය උපකාර කරනු ඇතැයි විශ්වාස කරනු ලබන තැනැත්තාට සියලු විශ්ව ශක්තිය උපකාර කරයි.

දෙවැන්න ස්වංයං යෝජනාවේ යෙදෙන්නා මනසින් එය චිත්‍රණය කලයුතුයි. ඔබ නවීන මෝටර් රථයකට ආෂා කරන්නේ නම්. ඔබ එම මෝටර් රථය ලබාගෙන ඇති අයුරුත් ඔබ එය පදවාගෙන යන අයුරු පවුලේ සමාජාකයින් සමගින් එහි ගමන් බිමන් යන අයුරු සතුටු සිතින් චිත්‍රණය කරන්න. එම මොහොතේදී ඔබට දැනෙන ආනන්දජනක ගැහීමෙන් ඔබේ සිත පුරවා ගන්න. දැන් එබ කාර් රථයේ ගමන් කරන අතර සාමාජිකයින් සමග සිනහසෙමින් සිටිනවා. ඒ සතුට අත්පත් කරගන්න. හොද හුස්මක් පපුවට ගන්න. ස්තූතියි විශ්වශක්තිය මම විශ්වාස කරනවා මට මගේම රථයක් ලැබෙන බව.ඔබ මට ඊට මගකියාදේවී. ස්තූතියි. බොහෝම ස්තූතියි ලෙසින් තෙපලන්න. සාර්තකත්වය මනසින් නිර්මාණය කරනු ලබන තැනැත්තා වෙත, සාර්තකත්වය ලගා වන්නේ නිමේෂයකිනි. අසාර්තකත්වය හා පරාජය බලාපොරොත්තු වන තැනැත්තාට නිබදවම පරාජය අත්පත් වන බව මතක තබාගන්න.ඔබේ මානසික ච්ත්‍රය ප්‍රබල වූ තරමට එය යතාර්තයක් වී ඔබ අතටම, ඔබටම ලැබෙනු ඇත.

ඉන්පසු ඔබ කල යුත්තේ ඒ සදහා වැඩ කිරීමයි. ස්වයං යෝජනාව ඉෂ්ට වුනාක් මෙන්ම කටයුතු කරන්න.ඔබ අපේක්ෂා කල මෝටර් රථය ගාල් කිරීම සදහා නිවසේ වත්තේ වෙනම ඉඩකඩක් සකසන්න. ඔබගේ මානසික චිත්‍රණය සැබෑ වීමට කරුණු යෙදෙන්නේ ඔබද මවිතයට පත්කරමිනි. එහෙත් මතක තබාගන්න මේ ස්වයං යෝජනාව කිසිවිටක පීඩනයක් ලෙසට නොදකින්න. එවැනි මානසික චිත්‍රණයක් දකින විට ඔබේ පුදුමාකාර සතුටක් සහ සැහැල්ලුවක් ලැබිය යුතුයි. ඔබ සතුටින් ඉන්නා සැම මොහොතකම ඔබේ අභිප්‍රාය යටිසිතට පවසන්න.

එක් ප්‍රබල අභිපායක් ඉටුවනතුරු වෙනත් ස්වයං යෝජනාවක් ඔබේ යටි සිතට ඇතුලු නොකිරීමට වග බලා ගන්න.
එක් යෝජනාවක් ඉටු වනතුරු එහිම එල්ලී සිටින්න.

You May Also Like

71 වන ජාතික දිනය අප අභිමානයෙන් සැමරුවාද?

Self confidence ආත්ම විශ්වාසය අවියක් වෙන්නේ ඇයි ?

Special giveaway 40 % Discount

Leave a Reply

Your email address will not be published.