විශ්ව ශක්තියේ බලයෙන් ආකර්ෂනීය පෙනුමක් ලබා ගනිමු.

ඔබට ඇති වටිනාම වස්තුන් අතරින් එකක් තමයි එබේ මුහුණ. මොකද ඔබ සමාජය හා නිරාවරණය වෙද්දී ගනුදෙනු කරන්නේ ඔබ මුහුණත් පෙනුමත් එක්ක. එතකොට පියකරු ප්‍රසන්න මුහුනකට ලැබෙන සැලකිලිත් වැඩියි. හැබැයි ඔබ හිතන්න එපා පියකරු ප්‍රසන්න බව කියන්නේ පැහැය කියල. අවාසනාවට අපේ රටේ ලස්සනයි කියල කියන්න එක රාමුවක් තියනවා. සුදුයි උසයි කෙට්ටුයි.

අද මම ඔබ එක්ක බෙදාගන්නේ ලස්සන කියන දේ ඇත්තටම මතුපිටට ගේන්න පුළුවන් විදිහ. ලස්සනට ඉන්න කෙනෙක් හරි ප්‍රසන්නයි. ඒ ලස්සන බිහිවෙන්නේ ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරයෙන්. ඒ ලස්සනට අපි කියනවා පෞර්ෂත්වය කියල. පෞර්ෂත්වය කියන කාරණය අංශ කිහිපයක් යටතේ බෙදල කතා කරන්න වෙන කාරණයක්. හැබැයි අද මම ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ පුද්ගල පෞර්ෂත්වයේ වැදගත් අංගයක් වන භහිර පෙනුම ගැන. භාහිර පෙනුමෙන් ඔබ අදින පලදින විදිහ , කතාබහ කරන විදිහ, හැසිරෙන ඉරියව් , සිනහව මේ දේවල් වලින් ඔබ ගැන දල අවබෝධයක් සමාජය ලබා ගන්නවා.

අද අපි ලස්සන වෙන්නේ ශරීරයේ අභ්‍යන්තරයෙන්. එවිට ඔබව ලස්සනට පේනවා.මේ ලස්සන මම ඔබට කියන්නේ ලොව තිබෙන විෂිෂ්ථතම ලස්සන. මේක නිසා ඔබ කලු වුනත්, කෙසග වුනත් ,තරබාරු වුනතත් මේ ලස්සන ඔබව ඖනෑම තැනකදී ඔසවා තබනවා.

සමහර ගැහැනු ළමයි, පිරිමි ළමයි ඇත්තටම මහා ලොකු ලස්සනක් නැහැ. ඒත් ඒ ගොල්ලො ලග මොකක්ද මන්ද අමුතු ලස්සනක් තියනවා. හිත ඇදිල යන ආකර්ෂණීය භාවයක්. අමුතු වැදගත් පෙනුමක්. තැන්පත් ගතියක්. නිර්භීත ගතියක්. අඹිෂ්ථානශීලීගතියක්.

ඔබ දැන් වෙනස් වෙන්නයි යන්නේ මම ඔබව ලස්සන කරනවා. ඒ ලස්සන ලොව කිසිදු ලස්සනකට පරාජයට කල නොහැකියි. ඔබ කොතරම් කලු වුනත් හැඩ නැති වුනත් අවට සිටින පිරිස පවසයි. ඒ ළමයට තියෙන්නේ අමුතු ලස්සනක් කියල.

එහෙනම් මේකයි ක්‍රමය

පළමු පියවර –

ඔබඔබව ඔබ ලෙසින් පිලිගන්න.ඔබ ආශ්වර්යා රායිවත් රිතික් රෝෂන් වත් නෙමෙයි. ඔබ ඔබයි. ඔබේ තිබෙන පෙනුම ඔබට ආවේනික පෙනුමයි.

ඔබට ඇති අවශ්‍යතාවය සිහිපත් කරන්න. ඔබට අවැසි ලස්සන වෙන්න. හොද පෙනුමක් ලබාගන්න.

දෙවන පියවර –

ඔබ ලස්සන වෙන්න යන්නේ පළමුවෙන් ඔබේ අභ්‍යන්තරයෙන්. ශරීරය අභ්‍යන්තරයට දෙන ප්‍රතිකාර තමයි වැඩ කරන්නේ.

ඔබ දවසේ වරු තුනට තෙවරක් මෙම බෙහෙත් මාත්‍රාව ගන්න යනවා.

බෙහෙත් මාත්‍රාව –

– දයාබර යටි සිත මාව ලස්සන කරන්න.-

මෙම ස්වයං යෝජනාව ඉතාමත් භක්තියෙන් උදෑසන අවධි වූ විගස , දහවල් කාලයේදී හා රාත්‍රී නින්දත් නොනින්දත් අතර කාල සීමාවේදී යටි සිතට ඇතුල් කරන්න.

ඒ අනුව උදෑසන කාලසීමාවේදී තෙවරක්ද දහවල තෙවරක්ද රාත්‍රියේදී තෙවරක්ද ලෙසින් මේ සිතුවිල්ල මෙනෙහි කරන්න.
ඒ අනුව දවසට 9 පාරක් ඔබ මේ සිතුවිල්ල මෙනෙහි කරනවා.

අවධානයට –

උදෑසන අවධි වූ විගස ඉතාමත් භක්තියෙන් විශ්ව ශක්තියෙන් ඉල්ලා සිටින්න ඔබට අවැසි දේ.
උදාහරණයක් ලෙසින් ඔබේ මුහුනේ ලප කැළැල් වැඩි නම්. විශ්ව ශක්තියෙන් දණ නමා ඉතාමත් භක්තියකින් විශ්වාසයකින් ඉල්ලන්න.

– මගේ මුහුනේ ලප කැලැල් සුවවී ඇති බව මට දැනෙනවා. ස්තූතියි විශ්ව ශක්තිය මට උපකාර කලාට. ඇත්තටම මා සුවපත් වන බව මට දැනෙනවා. —

රාත්‍රී නින්දට යන විට ඔබේ මුහුන හා පෙනුම ඉතාමත් ලස්සන වී ඇති බවට චිත්ත රූප මවන්න. එලෙසින් ඔබේ පෙනුම පැහැපත් වී ඔබ ඉතාමත් ලස්සන වී ඉන්නා අයුරුත් පවුලේ සාමාජිකයින් ඔබේ වෙනස දැක පුදුම වන අයුරුත් මනසින් දකින්න. ඔබ එම මොහොතේ ජීවත්වන්න. එහි සතුට විදින්න. ඔබේ හිතට මහා සතුටක් දැනෙන මොහොතේදී විශ්ව ශක්කියට ස්තූතිවන්තවෙන්න. ඉතාමත් භක්තියකින් යටි සිතට ස්තූති කරන්න. මම දන්නවා යටි සිත ඔබේ මේ සතුට මට ලබාදෙන බව යැයි පවසන්න.

විශේෂ දැනුවත් කිරීමයි –

මෙම ස්වයං යෝජනා සහ චිත්තරූප මවන අවස්ථාවේදී ඔබගේ වර්තමාන පෙනුම ගැන කණස්සලු වීම තහනම්. ඔබේ චිත්ත ස්වභාවය ඉතාමත් නිසංසල සහ ප්‍රීතිදායි ස්වභාවයක තිබිය යුතුයි. මෙම ස්වයං යෝජනාව ඔබේ වටිහිතට ඇතුල් කල යුත්තේ හිතට පීීඩනයක් කරදරයක් නොදැනෙන අයුරින්. අවිනිශ්චිත හැගීමකින් (වෙයිද නැද්ද දන්නෙ නැහැ) කිසි විටක ස්වයං යෝජනා ඇතුල් කරන්න එපා.

ඔබ මාව විශ්වාස කරන්න සාර්තක වෙනවා. ලොව සිටින සෑම සුරූපී පුද්ගලයෙකුගේම සුන්දරත්වයේ රහස එයයි.තමන් ලස්සන බව විශ්වාස කිරීම. ඒ තුළ ගොඩනැගෙන පෞර්ෂත්වය ඔවඅන්ගේ මුහුන තුළින් ශරීරය තුළින් නිරාවරණය වෙනවා.එනිසාවෛන් ඔබට ඔවුන්ව ලස්සනට පෙනෙන්නට ගන්නවා. ඇත්තටම ඔවුන් ලස්සනයිද?ලොකයේ ලස්සනට විවිධා අර්තකතන තියනවා. බලන්න ලෝක රූ රැපිණියන් විවිධ රටවල රූ රැජිණියන් විවිධ ස්වභාවයයයි. සුදු හෝ කලු යනු පැහැය පමනයි.

මීලගට ඔබ බලාපොරොත්තු වන කාරණය පුන්චි කොළ කැබැල්ලක ලියා ඔබේ පර්ස් එකේ හෝ ෆෝන් එකේ කවර් එකේ ඇතුල් පැත්තේ ලියා සගවා තබන්න. ඔබ දුරකතනය හෝ පර්සය දකින මොහොතක් පාසා ඔබේ රහස ඔබට මතක් වේවි.
විශ්වාසයෙන් ඒ දෙස බැලීම පමනක් ප්‍රමාණවත්.

ඊගලට වැදගත්ම පියවර –

ඔබේ මනසත් ශරීරයත් හිස් කල යුතුයි.

මම මේ කියන්නේ ඔබේ සිතුවිලි වඩාත් යහපත් කරගත යුතුයි. වල් පැල පැලවිලා තියන මිදුලක් සම්පූර්ණයෙන්ම සුද්ධ පවිතු කරල අතුගානවා වගේ ලස්සනට හිතත් ශරීරයත් දෙකම පවිත්‍ර කරගත යුතුයි.

සිතේ තියන අවිනිෂ්චිත සිතුවිලි ඍනාත්මක සිතුවිලි හා පාපයට බර සිතුවිලි සියල්ල ඉවත් කරගන්න. පවිත්‍ර මනසක් හොද බලයක් ලබාදෙනවා. පවිත්‍ර එන්ජිමක් වාහනයට ලබාදෙන බලය සේම ඔබේ සිත නැමැති එන්ජිමත් පවිත්‍ර කරගන්න.

ගන්නා අහාරපාන රටාව සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕන. පිටි සහිත කෑම , ක්ෂණික කෑම , තෙල් සහිත කෑම අඩු කරන්න. පුළුවන් නම් නවත්තන්න. පීසා , බර්ගර්, බනිස්, කට්ලට්, මුරුක්කු , ෆැන්ටා ලෙමනේඩ් මේ වගේ බීම වඩේ කොත්තු ෆ්‍රයිඩ් රයිස්. චිප්ස් මේ විදිහේ සෞඛ්‍යයට අහිතකරයි කියල ඔබ හොදින්ම දන්න කෑම කන එක නවත්තන්න.

දැන් බඩේ තියන අනවශ්‍ය ජරාව ඔක්කොම හෝදල අරින්න. මේක කරන්නේ කොහොමද?
වතුර වතුර වතුර
පුළුවන් තරම් වතුර බොන්න.
ශරීර බර අනුව වතුර බොන්න අවශ්‍ය ප්‍රමාණය පහතින් දැක්වෙනවා.

ඒ වගේම අයිස් කියුබ් සත්කාරය ඉතාම හොද දෙයක්. උදෑසන අවධි වූ පසු අයිස් කැට කිහිපයකින් මුහුණ සම්බාහනය කරන්න . නැත්නම් අයිස් කැට දැමූ වතුරෙහි මුහුණ තප්පර කිහිපයක් රදාවා තබන්න. මුහුණ උඩට ගන්න හොද හුස්මක් ගන්න. දැන් නැවතත් මුහුන වතුරට ඔබන්න. තප්පර කිහිපයක් රදවා ගන්න. හිස ඉහළට ගන්න. නැවතත් හොද හුස්මක් ගන්න. මුහුණ යලිත් වතුරට ඔබන්න.

වතුර ප්‍රතිකාරය හා අයිස් කියුබ් සත්කාරය විතරක් හොදටම ප්‍රමාණවත්. මෙය කාන්තා පුරුෂ දෙපාර්ෂවයටම කිසිදු අපහසුවකින් තොරව කල හැකි සරළ ප්‍රතිකාරයක්.
අධික තරබාරුවකින් යුතු අයට රාත්‍රී කාලයේදී හදාගත් හැකි පානයක් පහතින් දැක්වෙයි.
මින්චි කොළ ,පාස්ලි කොළ, කොත්තමල්ලි කොළ කිහිපයක් හෝ මේවායින් එක් වර්ගයක් ගන්න. කුරුදු කැබැල්ලක් ඉගුරු කැබැල්ලක් හා මහදුරු ටිකක් එකතු කර දෙහි ගෙඩියක යුෂ ඊට එක්කර වතුර කෝප්ප දෙකක් එකතු කරන්න. ඉන් පසු විනාඩි 8 ක් තම්බා පෙරා පානය කරන්න. ර්‍රාත්‍රී 8.30 ට පෙර ආහාර ලබාගෙන ඉන්පසු මෙම පානය බොන්න.

හොද ආත්ම විශ්වාසයකින් ඉහත සදහන් කල පියවර අනුගමනය කරන්න. මෙය ආරම්භ කර දින හතක් යන විට ඔබේ ස්වරූපය හෙමිහිට වෙනස් වෙන බව ඔබට දැනේවි. 8 වෙනි දවසේ සිට උදෑසනට අවධි වූ පසු මුහුන සෝදා කණ්නාඩියෙන් ඔබේ රුව බලන්න. කණ්නාඩියට කියන්න. හොද අධිෂ්ටානයකින් –

– මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල මම –
– මේ ලෝකෙ ඉන්න ලස්සනම කොල්ල මම –

එය ටික අනුගමනය කරන්න. නිතරම මෛත්‍රී සිතුවිලි වලින් ඉන්න. සිනහමුසු මුහුනින් ඉන්න. ගොඩාක් කල්පනා කලරන්න එපා. හැමදේම හොදින් සිදුවන වව විශ්වාස කරන්න. හොද සිතුවිලි වලින් ඉන්න, ධනාත්මකව හිතන්න ඔබ තුළ ගොඩනැගෙන පෞර්ෂත්වය ඔබව පවා පුදුමයට පත් කරවාවි.

You May Also Like

කාන්තා අත්බෑගය fashion icon එකක්ද?

71 වන ජාතික දිනය අප අභිමානයෙන් සැමරුවාද?

Self confidence ආත්ම විශ්වාසය අවියක් වෙන්නේ ඇයි ?

Special giveaway 40 % Discount

2 thoughts on “විශ්ව ශක්තියේ බලයෙන් ආකර්ෂනීය පෙනුමක් ලබා ගනිමු.”

  1. There is a another simple way
    Pick 10 subjects(as example money, relationship, family, car, pet, house ext…). Then choose only one subject which easy to feel good(zero douts) then focus on it(find the feeling of having it right now). Then path will be unfold automatically. When focusing something new(eg new car) avoid those things
    When, where, who, how

Leave a Reply

Your email address will not be published.