විශ්ව ශක්තියට ඇති බලය කුමක්ද?

විශ්ව ශක්තියේ පාලනයට අපි නතුවනවාද? නැද්ද?

ඔබේ නිවස පාලනය කරන්නේ කවුද? ඔබේ පියා හෝ මව විය හැකියි. දෙමව්පියන් නිවස පාලනය නොකලානම් තවදුරටත් නිවසක් හෝ පවුල් සංස්තාවක් එහි නොතිබෙනු ඇත. එවිට ඔබට මවක හෝ පියෙකුවත් නිදන්නට ඇදක්වත් නොතිබෙනු ඇත. රටක් පාලනය කරන්නේ කෙසේද? රටෙහි ස්ථාවරය, රාජ්‍ය යන සංකල්පය පැවතීමටනම් ආණ්ඩුවක් පැවතිය යුතුයි. එම ආණ්ඩුවෙහි පාලනයට රාජ්‍ය යටත්වන අතර රාජ්‍යෙයහි භූමිකාව රට නම්වෙයි. රටවැසියන් හා රට නිසි ආකාරයට පවත්වාගෙන යන්නේ ආණ්ඩුවේ පාලනයයි. එසේනම් විශ්ව ශක්තියද මෙලොව ඇති සෑම ජීවී අජීවී සියල්ලකගේම පාලනය සියතට ගෙන ක්‍රියා කරයි.

විශ්ව ශක්තියේ ඇති පාලනය කිසිවිටක රටක් පාලනය හා සමාන කල නොහැක. මන්ද විශ්ව ශක්තියේ පාලනය වනාහී ඉතාමත් පුළුල් මිනිස් ඇසට හා ඥානයට පවා හසුනොවන අදිසි පාලනයකි. නමුත් අප සියල්ලන් එහි පාලනයට යටත් වෙමු.
ගහකොල සතා සිවුපාවන් , අව් වැසි, කුණාටු සුළි සුළං, කදු ගංගා, සප්ත මහා සයුරු, මහා කාන්තාර , අයිස් කදු, ගිනි කදු, අහස පොලොව අභ්‍යවකාශය ඇසට පෙනෙන ලෝකය නොපෙනෙන ලෝකය මේ සියල්ල විශ්වයේ පාලනයට නතු වේ.

මේ නිසාම සොභාදහම හා විශ්වයට ඇති සම්බන්ධය ඉතාමත් දැඩියි.බොහෝ ගස් වාරයට පලදරයි. ගස් පොලොවේ ශක්තිය උරාගනියි. පෙරදිග වෛද්‍ය ක්‍රමයෙහි ඇතැම් බෙහෙත් වර්ග ගස්වල පොතු කොළ ලබාගන්නේ නියමිත නැකතකයි. එම ශාකයේ ගුණය උපරිමව පවතින වේලාව එම නැකතයි. අපේ පැරණි සිංහල වෙදැදුරන් බෙහෙත් සෑදීම සදහා මුල් ලබා ගැනීමට, කොළ ලබාගැනීමට,ඇට ආධිය ලබා ගැනීමට නියමිත ඝෘතු වලදී කටයුතු කරයි. ඇතැම් ඖෂධ සදහා ගසක මුල් ගන්නේ නිෂ්චිත දිශාවකට ගිය මුල් පමනයි. වඩාත් ඖෂධීය ගුනය පවතින්නේ එම දිශාවට ඇදුනු මුලෙහියි. එනිසාවෙන් නිතරම ‍සොභාදහම හා ගනුදෙනු කල යුතු අන්දම පැරැන්නන් දැන සිටියා.

මෙලොව පවතිනා සෑම ජීවී අජීවී දෙයකම පැවැත්ම තීරණය වන්නේ විශ්ව නීතීයට අනුවයි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලු හෙයින් අප සියලු දෙනාද විනාශවී යන අතර එය සිදුවන කාලසීමාව ක්‍රමය හා පිලිවෙල තීරණය කරන්නේ විශ්ව ශක්තියයි. මේ සියල්ලට කර්මය මුල් වන බව බුදුදහමේදී අපට උගන්වා දෙනවා.

විශ්වය යනුවෙන් යමක් පවතිනවාද යන්න ඔබ ඇසුව හොත් එයට දියහැකි හොදම පිළිතුර ඔව් යන්නයි. ගෙයක් ඉබේ පහල නොවන අතර එය නිර්මාණය කල පෙදරේරුවෙකු සිටියි. ගෙය නිර්මාණය වී අවසන නිවැසියන් එහි ජීවත් වෙයි. නමුත් පෙදරේරුවා දකින්නට නැත. ඉන් හැගවෙන්නේ ගෙය ඉබේ පහල වූ බව නොවෙයි. එලෙසටම විශ්ව ශක්තිය කියා දෙයක් පවතින අතර එය සියල්ල නිර්මාණය කරමින් පාලනය කරමින් සිටියි. එය ඔබේ ඇස නොගැටුනු පමනින් එවන් ශක්තියක් නැති බව ඔබට තීරණය කල නොහැක.

You May Also Like

71 වන ජාතික දිනය අප අභිමානයෙන් සැමරුවාද?

Self confidence ආත්ම විශ්වාසය අවියක් වෙන්නේ ඇයි ?

Special giveaway 40 % Discount

Leave a Reply

Your email address will not be published.