යටි සිත යනු කුමක්ද?

යටි සිත යනු කුමක්ද?

සිත නම් දෙයක් පවතිනවාද? එය ඉතා සංකීර්ණ ගැටළුවකි. නමුත් සිතුවිලි කියා යමක් ඇති බව ඔබත් මාත් දන්නෙමු. සිත යන්න පිළිබදව ඉතා විවාදාත්මක මතවාද ඇතත් සිතුවිලි පිළිබදව ඔබට ඇති අවබෝධය ඉතාමත් ඉහළ බව මම විශ්වාස කරමි.

මම ඔබෙන් ඇසුවොත් ඔබට සිතුවිලි නවතාලිය හැකිද කිය? උත්සහ කර බලන්න. නැහැ. ඔබට එය කරන්න නොහැකියි. මන්ද ගතවන සෑම තප්පරයක් පාසාම සිතිවිලි ජනිත වන අතර එම සිතුවිලි උපදින මොහොතේදීම තවත් සිතුවිලි එකිනෙක ගැටෙයි. එවිට සිතුවිලි උපදින සිත් කිහිපයක් ඇතිදැයි සිතෙන තරමටම සිතුවිලි ජනිත වෙයි.

නිතරම ඔබේ සිතට ඇති වන සිතුවිලි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙයි.

01) කණගාටුදායක සිතුවිලි
02) සතුටුදායක සිතුවිලි.

ඔබේ සිතට දුක, සතුට,වේදනාව, කලකිරීම, කෝපය, තනිකම, පරාජිතබව, තරහව, වෛරය මේ ආදී ලෙසින් ඇතිවන නානාප්‍රකාරයේ සිතුවිලි වලට මූලබීජය වන්නේ ඉහතින් සදහන් කරන ලද සිතුවිලි දෙවර්ගයයි. ඔබේ සිතුවිල්ලෙහි ස්වභාවය අනුව ඉහතින් සදහන් විවිධාකාරයේ සිතුවිලිවලට ජීවය නිර්මාණය වේ.

දුක හිතෙන විට එය වලක්වාගන්නට ,බිය හිතෙන විට එය නවතාලන්නටත් , කෝපයට පත්වන විට එය නවත්වාලන්නටත් හැකිද? බොහෝ වෙලාවට එය ඉටුකල හැකි වුනත් එය ඉටුකිරීම එතරම් පහසු වන්නේ නැහැ. බොහෝ විට ඔබට මෙන්ම මටත් වේදනාවට පත්වීම කේනිති යාම සමානව සිදුවන කාරණයක්.

නමුත් සිතුවිලි හරහා එය නතර කල හැකි බව අපි තේරුම්ගත යුතුයි. කිසිවිට හොද හෝ නරක මතයන් සිතට පැමිනීම කියා දෙයක් නැහැ. ඇත්තේ පුහුනු කල මතක හා නුපුහුනු මතකයි.

මෙන්න මේ අවස්ථාවේදී ඔබ යටිහිත හදුනාගන්නවා. ඔබේ හිත අභ්‍යන්තරයේ ඔබව වේදනාවට පත්කල මතක සැගවී තිබෙනවා. ඒවා මතක් වෙන මොහොතක් පාසා ඔබ වේදනාවට පත්වනවා. කලකිරීමට තමාගැනම ආත්මානුකම්පාවක් ඇතිවීම. මේ කිසිවක් අපට අවශ්‍ය දේවල් නෙවෙයි. මේ දේවල් වලක්වාගන්නේ කොහොමද?

එය කලහැක්කේ යටි සිතට ආමන්ත්‍රණය කිරීමෙන්. යටි සිතේ හැසිරීම, ස්වභාවය හා ක්‍රියාකලාපය ඔබ හදුනගත්තොත් ඔබ දිනුම්. මොකද ඔබට ඇති ශක්තිය ඔබේ සිතුවිලියි. ඔබට සිත ගැන සංකීර්ණ ගැටළු ඇති. නමුත් ඔබ සිතුවිලි වල ස්වභාවය හදුනන නිසා ඔබට යටි සිත හා ගනුදෙනුකල හැකි ක්‍රම කිහිපයක් මම කියාදෙනවා.

මුලින්ම අවබෝධකර ගන්න ඔබේ යටිසිත යනු ඔබේ ශක්තියක්. යටි සිතට ආමන්ත්‍රණණය කිරීමේ රහස ඔබ හදුනාගන්නා මොහොතේ දී ඔබ ජයග්‍රාහකයෙකු වෙනවා. මොකද යටි සිත නිතරම ඔබට අවැසි දේ ඔබ වෙත ලබා දෙන නිසා.

එහෙනම් ඔබ සිතනා සෑම දෙයක් ගැනම ප්‍රවේසම් වෙන්න. ඔබ එය ලගා කරගැනීමට යනවා.

යටි සිතෙන් වැඩ ගැනීමට භාවිතා කරයුතු ශීල්පීය ක්‍රම ගැන #යටිසිතෙන් වැඩ ගන්න හැටි # ලිපියෙන් කියවමු.

You May Also Like

71 වන ජාතික දිනය අප අභිමානයෙන් සැමරුවාද?

Self confidence ආත්ම විශ්වාසය අවියක් වෙන්නේ ඇයි ?

Special giveaway 40 % Discount

Leave a Reply

Your email address will not be published.