යටි සිතෙන් වැඩ ගනිමු.

යටි සිත යනු අපිට ඇති විශාලතම ශක්තියයි. එය සිටින්නේ නින්දක. එය අවධි වන වේලාව ඔබ යටි සිතේ බලය ගැන හදුනාගනු ලබන වේලාවයි. මෙතුවක් කාලයට ඔබේ ජීවන පැවැත්ම තුළ ඔබ දුප්පතෙකු හෝ පොහොසතෙකු ,ඔබ සුරූපී හෝ විරූපී , ඔබ බුද්ධිමතෙකු හෝ මෝඩයෙකු, ඔබ බලවන්තයෙකු හෝ බෙලහීනයෙකු බවට පත්කලේ ඔබේම යටිසිතයි.

අවධානයට –

ඔබ සිතනා දේ ගැන ඉතාමත් විමසිලිමත් වන්න. එය ඔබ කරා ලංවනු ඇතී…

එහෙනම් අපි බලමු කොහොමද යටි සිතෙන් වැඩ ගන්නේ කියල. මෙම ලිපිය ඔබ පළමු වරට නම් කියවන්නේ සිතුවිලි වල ස්වභාවය හදුනාගැනීමට මෙහි #යටි සිත යනු කුමක්ද?# ලිපිය කියවන්න.

යටි සිත හා උඩු සිත යනුවෙන් කොටස් දෙකක් පවතින බව ඔබ දන්නා කරුණක්. එදිනෙදා ජීවිතයේදී අපි සිදුකරනා ක්‍රියාවන් බොහෝමයක් සිදුවන්නේ උඩු සිතේ ආදාරයෙන්. නමුත් සෑම අවස්ථාවකදීම යටි සිත අවධියෙන් සිටිනවා. සිදුවන සියල්ල බලා සිටින අතර ඔබේ විධානයන් මත පමනක් ක්‍රියාත්මක වීම සිදුකරනවා.

යටි සිතේ එක් නීතියක් තියනවා. ඒ තමයි ඔබ අපේක්ෂා කරන සියල්ල ඔබ වෙත ලබා දීම. මෙම නීතියේදී ඔබ සිතන්නේ යහපත්දේද අයහපත්දේද යන්න යටිසිත හදුනාගන්නේ නැහැ. එය හදුනාගන්නේ ඔබේ විධානයන් පමණයි.

ඒ අනුව ඇතැම් දිනවලදී දිනය අවසානයේ ඔබ නින්දට යනවා. දිනය තුළ හිතට ඉතා තදින් සමීප වූ සිදුවීමක් හෝ පුද්ගලයින් ඔබේ සිහින තුළට පැමිනෙනවා.

ඔබ අවධි වෙනවා. දැන් ඔබ දන්නවා ඒ සිහිනයට හේතුව ඔබේ සිතට යටි සිතට තදින් කාවැදුනු යමක ප්‍රතිථලය කියල.
01) යටිසිතට යම් තද හැගීමක් / ක්‍රියාවක් අවශ්‍යයි. එවිට ඒ හැගීම හෝ ප්‍රතික්‍රියාව තුළ යටි සිත ඇහැරෙනවා.

සමහර දිනවලදී සිහිනයෙන් පෙනෙන්නේ ඔබ කිසිදු විශේෂත්වයක් නොදැක්වූ කිසිදු වැදගත්කමක් නොදැක්වූ සිදුවීමක් නමුත් මෙය සිහිනයක් තුළින් පේනවා.කුමක්ද සිදුවී ඇත්තේ?
02) යටි සිත ඔබ නොසිතනා මොහොතේදී පවා අවධිව සිටිනවා. ඇතැම් පුන්චිම දේත් ග්‍රහනය කර ගන්නවා.

ගැටළුව ?

යටි හිත ක්‍රියාත්මක වන අවස්ථාවන් මොනාද?

බොහෝ පර්යේෂකයන් ප්‍රකාශ කරන අන්දමට යටිහිතෙන් වැඩගත හැකි සුවිශේෂී හෝරාවන් දැකිය හැකියි.
එනම් ඔබේ මනසේ ඇල්ෆා තරංග මට්ටම වැඩි කාල සීමාව. ඇල්ෆා මට්ටම වැඩි කාලසීමාවන්හිදී විශ්වයට ඔබ මුදා හරින ස්වයං යෝජනාවේ බලය වැඩියි යටි සිතේ ක්‍රියාකාරීත්වය මෙම අවස්ථාවන් දෙකේදී ඉතාමත් ඉහළ බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.

01 ) ඔබ නින්දට යන වේලාව. නින්දත් නොනින්දත් අතර කාලසීමාව.
02) ඔබ උදෑසන අවධි වූ මොහොත.
03) ඔබ ඉතාමත් භක්තිමක්ව ඔබේ ආගමික කටයුතුවල යෙදෙනා හෝරාවන්. ( දණනමා සිටින අවස්ථාව)

මේ අනුව එක් ප්‍රබල ස්වයංයෝජනාවක් ඉහත අවස්ථාවන් තුනේදී ඔබේ යටිසිතට ලබාදුනහොත් ඔබට අවශ්‍ය දේ ලැබෙනවා.
එය 100% ක් ප්‍රතිථලදායක වන අතර ඔබට අවශ්‍ය දේ අනිවාර්යෙන්ම ඉටු වනවා.

ඔබට සියල්ල ඉටු වන බව මම තහවුරු වනවා. එය ඉටුවීම වලක්වන්නට කිසිවෙකුට බැහැ.

එක් ප්‍රබල ස්වයං යෝජනාවක් ගොඩනගන්නේ කොහොමද කියල අපි මීලග ලිපියෙන් කතා කරමු.

You May Also Like

71 වන ජාතික දිනය අප අභිමානයෙන් සැමරුවාද?

Self confidence ආත්ම විශ්වාසය අවියක් වෙන්නේ ඇයි ?

Special giveaway 40 % Discount

Leave a Reply

Your email address will not be published.