බය සමග ගනුදෙනු කරන කලාව

බය සමග ගනුදෙනු කරන කලාව

බිය කියන්නේ මිනිස් සන්තානයේ නිරන්තරයෙන් ඇතිවන හැගීමක්. බිය කියන දේ යහපතටත් අයහපතටත් දෙකටම අපිට යොදා ගන්න පුළුවන්. බිය කියන්නේ ඔබ හිතන විදිහට මොන වගේ දෙයක්ද?

පපුව අස්සෙන් ඩග් ඩග් සද්දෙත් එක්ක ලේ ගමනාගමනය වේගවත් වෙලා කන් පෙති වලින් දුම් දමනවා වගේ හැගීමක් එනවද? ඒක ඇත්තටම හොද බයක් එවිට ඔයාගේ ශරීරයේ බියට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කල හැකි හෝර්මෝනයක් නිපදවෙනවා.
සමාවෙන්න මේ අවස්ථාවේදී මට ඒ හෝර්මෝනයේ නම මතක නැහැ. මේ හෝර්මෝනය ක්‍රියාත්මක වීම තුළ ඔයාට බිය අභිබවා යාමේ ශක්තිය ලබා දෙනවා.උදාහරණ විදිහට බල්ලෙක් පස්සෙන් එද්දි වේගයෙන් දුවන්න පුළුවන් හැකියාව,
වාහනයකින් අනතුරක් වෙන්න කලින් වේගයෙන් ඉවතට පැනීම වගේ නිදසුන් ගන්න පුළුවන්.

නමුත් අද කතාබහ මෙයට වෙනස් මාතෘකාවක් ගැන.

බිය ඇතිවීම වලක්වන්න අපට අපහසුයි. මන්ද එය ස්වභාවදහම හා බැදුනු ධර්මයක්. ජීවයේ පැවැත්ම හා වර්ධනය කෙරෙහි බිය හේතු වනවා. ඇතැම් ගස් වලට පොරොවක මොට පැත්තෙන් පහර ලූ විට ඵල හටගන්නා බව ඔබ අසා ඇති.මිනිසුන්ට බොහෝ විට සිතේ ඇතිවන බියජනක සිතුවිල්ලට හේතුවන්නේ මිනිසා විසින්ම මවා ගන්නා ලද සිතුවිල්ලක්.

සිතුවිල්ලක් ඇතිවීම හා නැතිවීම පාලනය කිරීමට අපහසුම අංශයක් විදිහට දක්වන්න පුළුවන්. ඔබේ ගමන් මගේ බිය කියන සිතුවිල්ල ඔබේ සිහින අරඹයා ඇතිවූවා නම් මේ ලිපිය ඔබට උපකාරී වෙයි.

ජීවිතේ අදටත් මම බයම දේ තමයි බය එක්ක ගනුදෙනුව. කොයි කාලෙද කවදද දන්නෙ නැහැ බය මගේ ඇස් දෙකෙන් රිංගලා , ඔලුව අස්සෙ ‍රස්තියාදු ගහල, පපුව අස්සෙ හිරවෙලා දැන් ටික ටික ලේ නහර ඇතුලට කාන්දු වෙනවා.කාන්දුව ඉක්මනින් පිටාර ගලන්න කලින් මම පැලැස්තර වෙලනවා. පැලැස්තර පුපුරගෙන බය විසිරිලා යන හැටි බලාගෙන ඉන්නවා.
ඔබ බයයි මම බයගුළුයි කියන්න. හැබැයි ඔබට මග හැරුණු බොහෝ දේ ජීවිතේ තිබ්බා. ඔබ තීරන ගන්න පරක්කු වුනා. ඔබ ඉඩ දීලා බලාගෙන ඉන්නවා කිව්වා . ඔබ එතැනින් ඈත් වෙලා ගියා. හරි ඒ හැමදේම ඇත්තටම සාදාරනයිද? එතන තිබ්බෙ බය නෙමෙයිද?

නැහැ.විස්වාසද? බොරු කියන්න එපා. ඔයාට උවමනාම වුනු, ආසම කරපු දේවල අත අරින්න දහසක් හේතු හැදුවේ ඔයාගෙ බය නෙමෙයිද?

බය එක්ක ගනුදෙනුව හරි සංකීර්ණ විශයක්. කොයි මොහොතේ කොයි රූපයෙන් කොයි විදිහට බය ඉස්සරහට එනවද කියල හොයාගන්න බැහැ. හැබැයි මට එක දෙයක් කියන්න පුලුවන් . ඔයා ආසම කරන දෙයක් ඔයා නැතිකරගෙන ඒ දිහා හැරිල හොරෙන් බලනවනම් …. ආන්න එතනදී මොනයම් හෝ රූපයක් මවන් බය ඔයාට කතාකරල තිබ්බ.

අපිට බය සමග ගනුදෙනු කල හැකි ආකාර කිහිපයක් මම ඔබට ගෙන එනවා.

01) යථාර්තවාදී වෙන්න.

ෆැන්ටසියක ජීවත් වෙන්න යන්න එපා. ජීවිතේ වැටීම් නැගිටීම් සහ ඇදවැටීම් සියල්ලන්ටම පොදු ධර්මතාවයක් ඊට මුහුණදෙන්න.

02) මේ මොහොතේ ජීවත් වෙන්න.

බය කියන සිතුවිල්ල ඔබට ආවේ ඔබ ඒ ගැන සිතුව නිසා. අනාගතය ගැන උපකල්පනය කරමින්. යමක් සිදුනොවීමේ සම්බාවිතාව ගනනය කරමින්, නොහැකියාව හා ඔබ ගැන අවතක්සේරු කරමින් ඔබ මවන සිතපු සිතුවිල්ල ඔබේ යටි සිතට බය ගෙන එනවා. යමක් අවශ්‍යයි නම් ක්‍රියාත්මක වෙන්න ඍන ආකල්ප වලින් බැහැර වෙන්න.

03) අතිවිශාල නූතන ඛේදවාචකය තැවුල් සහිත වීමයි.

මිනිසාට අතිමහත් බලපෑමක් එල්ල කරන ප්‍රධාන සතුරා වන්නේ ඔබේ රින සහිත බිය ජනක සිතුවිලියි. මනුෂ්‍යයන්ට වැලදෙන සියලුම රෝගාබාධයන්ට වඩා ශෝකයට එල්ලකල හැකි බලපෑම අති විශාලයි. දුක්වීම යන වචනයට ඉංග්‍රීසි බාශාවෙන් පවසන්නේ worry යන්නයි. එය බිහිව ඇත්තේ පැරණි ඇන්ග්ලෝ සැක්සන් වචනයකින්. ඒ බසින් වොරි worry යන්නෙහි අරුත * ගෙල මිරිකීම * යන්නයි.

04) යමෙකුට උදව් කරන්න.

ඔබේ අරමුණ පරාර්තකාමී වූ විට බිය යන සිතුවිල්ල පහව යනවා. කෙනෙකුට උපකාර කිරීම , ඔබ සිදුකරනා ක්‍රියාවෙන් තවෙකුගේ දුක පහව ගොස් සතුට ගෙන එන බව සිතන විට බිය ඉබේම ඔබේ සිතුවිලි වලින් පහව යන අතර අරමුණට අවශ්‍ය බලය එක් වනවා.

05 ) ශාන්ත මනසක් සහ දෙවියන් කෙරෙහි විශ්වාසය ඇති කරගන්න.

දෙවියන් යනු ඔබේම යටි සිතයි. යටි සිතෙන් බක්තිමක්ව ඔබට අවැසි දේ ඉල්ලා සිටින්න. නිරන්තරයෙන් ශාන්ත බාවයට පත්වෙන්න. කැලබිල්ල, අවිනිශ්චිතබාවය හා කම්පනයෙන් තොර වෙන්න.

මේ දේවල් ඔබේ අරමුණන වෙත යන් ගමනේදී බිය පලවා හරින්නට උපකාරී වේවි.

ස්තූතියි. සීක්‍රට්දූ ගේ ලිපිය ගැන මොකද හිතන්නේ.
වීඩියෝව ලයිව් ගෙනාපු වීඩියෝවක්. ඒක බලන්න මගඅරින්න එපා.
සුබ දවසක් . සරලව ඉන්න.

78

This Post Has One Comment

  1. Avatar
    Nishantha

    මට බය දැනෙන්නේ එක් පාරටම ලොකු සද්දයක් ඇසුනු විට. 😱 driving කරන් යන් ගමන් අනතුරක් වෙන්න ගිහින් බේරුණම. 😱

Leave a Reply