දිගුකලක් පවතින දුක්බර සිතුවිලි විශාදයට හේතු විය හැකියි.

දිගුකලක් පවතින දුක්බර සිතුවිලි විශාදයට හේතු විය හැකියි.

මතකද ලිපි පෙලේ පටන්ගැන්ම.🙂
අද අපි අවසන් කොටසට 08 වෙනි කොටසට ඇවිත්. එක දවසක් වත් නොවරද්දා දවස් 07ක් එකදිගට අපි මේ ගැන කතා කරේ ඔබේ සිතට දනාත්මක අදහසක් එකම එක් කැටිත්තක් හරි එක් කරන්න.
 
ඉතින් මම ඔබට කිව්වා සියල්ල සිත සමග සිතුවිලි සමග ගනුදෙනුවක් කියල.
ඔබට හිතන්න ඉඩ දුන්න. සමහර කාරනා පැහැදිලි කරා. ඔබේ මතය දක්වන්න ඉඩ දුන්න.
 
දැන් ඔබ ඔබට අවැසි විදිහට වෙනස් වෙන්න ඕන. එහෙම වෙනස් වෙන්න ඕන මම කියන හින්දා නෙමෙයි. ඔබට අවැසි නිසා. ඔබට තියනවා ඔබේම අනන්‍යතාවක්. ඔබ බුද්ධිමත් , ඔබට තාර්කිකව හිතන්න පුළුවන් . මම ලියපු හැමදේකම ඔබට ගැලපෙන කොටස් උකහාගෙන අනිත් සියල්ල පසෙකට විසිකරන්න පුළුවන් . මේ ගමන් යන්නෙ ඔබ. මම නෙමෙයි. ඒ නිසා ඔබ ගැන විශ්වාසය ඉදිරියට ගෙන ගමන් කරන්න.
 
ඊලගට හැම දේකටම පස්සේ ඔයාගේ සිතේ ඇතිවෙන රින සිතුවිලි වලක්වාගන්න ගොඩාක් අපහසු නම් ,
 
01) නිතරම ඇස් දෙකට කදුලු උනන්න තරම් වේදනාවක් දැනීම
02) දිගින් දිගටම මහ මූසල කමක් සිතට දැනෙනවානම්
03) ජීවිතේ සතුට ගිලිහිලා බව සිත කියනවනම්
04) තව දුරටත් ඔයා වැදගත් නොවන බවත් ඔයාගෙ වටිනාකමක් නැති නිසා ජීවත් වෙලා මොකටද කියල හිතෙනවනම්
05). මහ දහවල් කාලෙදි වැඩ කරන අතරතුර පවා ඇස් පියන් බරවෙලා නින්ද එනවනම්
06) අවධානය යොමු කිරීමේ නොහැකියාව, අමතක වීම, තීරණ ගැනීමේ ගැටළු සහ මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම වගේ ගැටලු මතුවෙනවනම්
07) ආහාර අරුචිය නැත්තම් අදික ලෙස කෑම කටේ දාගෙන වේගෙන් හපාගෙන යන්න ඕනෙ නම්
08) නින්ද නොයාම, බාධා සහිත නින්ද හෝ එකදිගට නිදාගන්න ඕනෙ නම්
09) අලස බව, අමතකවීම, එදිනෙදා කාර්යයන් සඳහා උනන්දුවක් නොමැති වීම වගේම
10) ඥාති මිතුරු ඇසුර අප්‍රිය වීම, හුදකලා වීමට සිතීම ඇතුලුව
11) අන්‍යයන් නුරුස්සන බව, අනවශ්‍ය ලෙස කේන්ති යාමක් සිදුවනව නම්
12) ලිංගික ජීවිතය පිළිබඳව ආශාව අඩු වෙලා නම්
13) ඇඟපත වේදනාව, හිසරදය, බඩ දැවිල්ල වගේම පපුවේ හදගැස්ම වේගවත්ව දැනෙනවා නම්
14) සිනහසීමේ විශාදය smiling depression ‍පිටතින් සිනහව සහ සතුට දක්නට ලැබුණත් හැම තිස්සෙම ඕන එකටයි එපා එකටයි හිනා යනවනම් එතනදි හිනාවෙනන දෙයක් තිබුනෙත් නැතුව ඔහේ මත්ගතියකින් හිනාවෙලා අවසානයේ ,වේදනාව තුළින් සිනාසෙන තත්වයක් දැනෙනවානම්
 
ඔක්කෝටම වඩා මියයන්න ඕන කියන සිතුවිල්ල හිතට දැනෙද්දී සනීපයක් දැනෙනවා නම් ඔයා ඉක්මනින් ප්‍රතිකාර ගන්න ඕනෙ.
මොකද මේ වෙද්දී ඔයාගෙ සතුටු හෝර්මෝන ටික ආක්‍රමණයට ලක් වෙලා ඉවරයි. ඒ නිසා මේ මොහොතේ ඔයා සතුටු හෝර්මෝන වලට උදව් කරන්න. එයාලා යුද්ධයක ඉන්නෙ . තනිකරන්න එපා.
ආයිමත් නැකිටින්න උදව් වෙන්න. එයාලට තනියම යුද්දෙ දිනන්න වෙන්නෙ නැහැ කවදාවත් . ඔබ වෛද්‍යවරයෙක් හමුවෙන්න.
 
විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් සේවය කරන දිස්ත්‍රික් රෝහල්, ශික්ෂණ රෝහල් සහ මහා රෝහල් වල මානසික සෞඛ්‍ය සායන පැවැත්වෙනවා. අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, පෞද්ගලික රෝහල් වල මනෝ වෛද්‍ය වරුන්ද ඔබට හමු වෙන්න පුළුවන් .
 
විශාදය කාංසාමය තත්ත්වයන් කියන්නේ උනක් හෙම්බිරිස්සාවක් වගේම සාමාන්‍ය තත්ත්වයක් . අපේ ජීවන රටාව එක්ක බොහෝ දෙනෙක් මීට ගොදුරු වෙනවා. මූලාශ්‍ර වල හැටියට විශාදය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 800,000 පමණ පිරිසක් දීර්ඝ කාලීනව පිඩා විඳින බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ලාංකීය සමාජය තුල කාන්තාවන් අතර විශාද තත්වය සාපේක්ෂව බහුලයි. ඔයාට මතකනේ දීපිකා පදුකෝන්ගෙ කතාව එයත් විශාදයට ගොදුරු වුනා. ඔයා හොයල බැලුවොත් ඩයනා කුමාරි , හැරී පෝටර් ලියපු ජේ. කේ. රෝලීන්, ශාරුක් කාන් පවා විශාදයට ලක්වෙලා තියනවා. මේ සටහන ලියන මමත් විශාදයට ලක්වෙලා තියනවා. 🙂
ඔයාට උදව්වක් උවමනානම් මට කතාකරන්න. මට කතාකරනවාටත් වඩා වටිනවා විශය සම්බන්ධ ප්‍රවීණයන්ගෙන් උපදෙස් පතන් එක 👇🏻
37

Leave a Reply