ඩෙනිම් ඩෙනිම් ඩෙනිම්♥️

ඩෙනිම් කියන්නෙ හැමකෙනෙකුගෙම හැමවිටම මුල්ම තේරීම. මොකද ඩෙනිමක් ඇදගෙන ඕනම ගමනක් යන්න පහසුයි. අතට අහුවුන ඕනම ටීෂර්ටයක් එක්ක ඔයා ඩෙනිම ඇදගෙන යනව ඇති.

හැමදාම හොද හෝද පට්ට ගහන ඩෙනිමෙ වටිනාකම නම කිසිම දවසක අඩුවෙන්නෙ නැහැ. ඒකනෙ ඔයා හැමදාම ඩෙනිමට ආදරේ.

හබැයි ඩෙනිම් ගැන කතා කරද්දි අපි අවබෝධකර ගන්න ඕන කාරණය තමයි ඩෙනිම් වර්ග විශාල ප්‍රමාණයක් ලෝක වෙළදපලේ තියනව කියන එක. අපි හැබැයි අබ්බැහි වෙලා තියෙන්නෙඑක වර්ගයක හෝ දෙවර්ගයක ඩෙනිම් වලට විතරයි [low rise & high rise] ඩෙනිම් වර්ග කෙරෙනවා.

මේ ගැන ස්පෙෂලිස්ට් කෙනෙක් වන යෙනුලි යෙහන්සා ගේ ඉතාමත් හොද පැහැදිලි කිරීමක් මම ඔබත් එක්ක බෙදාගන්න කැමතියි.👇🏻

ඩෙනිම් වල ‘cuts’ කකුලේ හැඩය, හා ඉනේ ස්වභාවය අනුව තමයි ප්‍රධානව බෙදෙන්නේ. මේවට විවිද නම් තියනවා. cuts නම් 20කටත් වැඩි. සාමාන්‍ය බාවිතයේ තියන හා ලංකාවේ සුලබ දේවල් ගැන තමයි මේ පොස්ට් එකේ තියෙන්නේ.

ඩෙනිම් එකේ ඔයාගේ උකුලෙන් නවතිනවා නම් ඒ කියන්නේ : low rise / hip rise

ඉනට පහලින් හැබැයි උකුලට ඉහලින් නම් : mid rise

නවතින්නේ ඉනෙන් නම් : high rise/ high west

ඩෙනිම් වල ‘cuts’ කකුලේ හැඩය ;

Skinny : අපේ අය pencil cut කියන්නේ මේකට. මේක style එකේදී කලිසම ක්‍රමය එකේ පළල අඩු වෙනවා. ගොඩක් වෙලාවට ankle එක ලගින්ම හෝ ඊට ටිකක් ඉහලට තමයි කලිසමේ දිග තියන්නේ.

Skinny Crop Jeans : සියලුම ලක්ෂණ skinny jeans එකක වගේ. නමුතු කකුලේ දිග වෙනස්. වළලුකරට අගල් දෙක තුනක් උඩට තමයි කලිසමේ දිග.

Cigarette Jeans/ slim : මේ මම අදින වර්ගය. කලිසමේ කකුලේ opening එක skinny jeans එකක තරම් කුඩා කරලා නැ. ඒ වගේම. thighs / කලාව ප්‍රදේශයෙන් හිර උනාට කකුලේ පහල කොටස skinny jeans එකක තරම් හිර නැ. හැබැයි ගොඩක් ලූස් වෙලත් නැ.

Bootcut Jeans : කලින් කිව්ව හැම jeans type එකකටම වඩා මේකේ තමයි leg opening එක වැඩිම. හැබැයි කලවා හරියෙන් ගොඩක් ලිහිල් නැ. ගොඩක් වෙලාවට leg opening එකේ පළල දනිස්ස ලග කලිසමේ පළලට වැඩ ටිකක් වැඩි.

Boyfriend Jeans : කලවා හරියෙන් සෑහෙන්න ලූස්.ඒ පළලම තමයි දිගටම තියෙන්නේ කලිසමේ. ටිකක් දිගත් වැඩි. කකුල් නමලා අදින එක තමයි style එක.

ඇත්තම කිව්වොත් මිට වඩා ගොඩක් styles තියනවා. එත් මං මේ ප්‍රදාන ටික විතරයි දැම්මේ. මේවයේ අනුකාණ්ඩ තව හෙන ගොඩක් තියනවා.

දැන් style එක දෙනගත්තට පස්සේ හොද ඩෙනිම් material එකක් තෝරාගන්න එක. ඇත්තම කිවොත් මේක ගොඩක් සංකීර්ණ කාරණයක්. මොකද ඕනෙම රෙද්දක ඇදුමක quality එක කියන එක අත්දැකීම් එක්ක ඉවෙන් එන්න ඕනේ. අම්මිට පිං සිද්ද වෙන්න මට නම් එක තියනවා. මන් පුළුවන් උපරිමයෙන් කියන්නම් කොහොමද මේක කර ගන්නේ කියලා.

මෙහෙමයි. එංගලන්තේ හෝ ඇමෙරිකාවේ තියන ඩෙනිම් එකක් අතට අරගෙන label එක බලපුවම තියනවා මේ රෙද්දේ materials ප්‍රතිශත විදිහට. එහෙමත් නැත්නම් ‘denim weight’ නැත්නම් ඩෙනිම් බර. සරලවම කිව්වොත් denim weight කියන්නේ රෙද්දේ තත්වය. denim weights තුනක් තියනවා, light – තත්වයෙන් බාලයි, medium – සාමාන්‍ය තත්වයේ, high – උසස් තත්වයේ.

කියන්න කනගාටුයි ලංකාවේ බොහොමයක් ඩෙනිම් light weight කොලිටියටත් වැඩ අඩුයි. 😞

ඩෙනිම් කියන්නේ සාමාන්‍යයෙන් ඇදෙන්නේ නැති රෙද්දක්. එතකොට skinny හා slim වර්ගයේ කලිසම් මහන්න මේක ඇදෙන තත්වයට ගේන්න. Lycra or Spandex මිශ්‍ර කරනවා. මේවයින් 2-3% ප්‍රමාණයක් ඇති quality කලිසමකට ඕනේ කරන stretching ප්‍රමානය ගන්න.

ලංකාවේ තියන බහුතරයක් ඩෙනිම් වල Lycra or Spandex ප්‍රමාණය ගොඩක් වැඩි. එතකොට ඩෙනිම් කලිසමක මිල අඩු කරන්න පුළුවන්.

හොද ඩෙනිම් රෙද්දක්,

1.බරයි, ගනමක ටිකක් වැඩි

2.ගොරෝසුයි. අදින්න බැරි තරමට නෙමෙයි. නමුත් නිකන් කපු රෙද්දක් වගේ නේ. හොදපිට කියන්නේ අපි රෙදි වල, ඩෙනිම් වල හොද පිට ඇල්ලුවම ගොරෝසුයි කියල තමයි දැනෙන්නේ.

3.චුවින්ගම් වගේ ඇදෙන්නේ නැ

4. දාඩිය උරා ගත්තා කියල ගද ගහන්නේ නැ

5. මිලයි. මගේ අත්දැකිමේ හැටිය‍ට 3500 හෝ ඊට වැඩි

මේ හේතු නිසා,

ඩෙනිම් කලිසමක් අදින අදින වාරයක් පාසා හෝදන්න අවශ්‍ය නැ. 5-6 පාරක් ඇදල හෝදන්න කියල තමයි කියන්නේ. ලංකාව ගොඩක් දාඩිය දාන රටක් නිසා 3-4 පාරක් ඇදල හොදපුව ඇති. ඇදීම් වාර අතරතුර හොදට වෙලන්න.

හැඩය වෙනස් වෙන්නේ නෑ.

කාලයක් අදින්න පුළුවන්. ඔයා ගාව තියෙන්නේ හොද quality කලිසමක් නම් දවස ගානේ අවුරුදුද්දම ඇන්දත් අඩුම තරමේ අවුරුදු 2ක් වත් අදින්න පුළුවන්. මෙතැනදී කලිසම අයින් කරන්න වෙන්නේ. රෙද්ද සිනිදු වීම, නුල් කැඩිලා යාම වගේ දේවල් නිසා. එත් තැනින් තැන ඉරුණ කලිසම් කියන්නෙත් fashion එකක්. ready made ripped jeans, එහෙමත් නැත්නම් කඩෙන් ගන්න තියන ඉරුණු කලිසම් අවේ මෑත කාලේදී. ඉස්සර ඒ වගේ ඉරුණු ඩෙනිම් කියන්නේ උසස් ප්‍රමිතියේ ඒවා.70 – 80 දශකයේ තරුණයෝ වෙච්ච තාත්තල එහෙම ඉන්න ළමයි පොඩ්ඩක් අහලා බලන්න, ඒ කලේ ඩෙනිම් කියන්නේ පොඩ්ඩක් ඉහල සමාජයේ තිබ්බ fashion එකක්. කොල්ලෝ අවුරුදු ගණන් සල්ලි එකතු කරලා තමයි ඩෙනිම් අරන් තියෙන්නේ. ඒවත් ගෙනල්ල ගලේ අපුල්ලලා හෝදනවලු දවස් ගානක් ripped, washed look එක ගන්න. 😀

එතකොට හොද කලිසම් වල පාට යන්නේ නැද්ද? ඇත්තම කිව්වොත් යනවා. හැබැයි බේසමට දාපුවම මුළු වතුර එකම නිල්පාට වෙන්න නෙමෙයි. කාලයත් එක්ක බොහොම හෙමිට. ගොඩක්ම ගර්ෂණය නිසා. අඩුවෙන් සේදීම හා ගර්ෂණය එක්ක පාට යනවා කියන හේතු නිසා, ඩෙනිම් කලිසම ඔහේ හිතු හිතු තැනින් පාට යන්නේ නෑ. එකත් වෙන්නේ රටාවකට. කොටින්ම කියනවා නම් අ රට කෙනාගෙන් කෙනාට වෙනස්. honeycombs, whiskers, stacks, train tracks කියන්නේ මේ රටා වලට. ඒවා ෆොටෝ වල තියනවා. දැන් නම් මේවා ready made design විදිහට එනවා. ඒත් heavy weight denim එකක ස්වභාවිකව ඇති උන රටාවක් අ ගැන හොදට දන්නා කෙනෙක්ට අදුරගන්න පුළුවන්.

ඇගට ගැලපෙන ඩෙනිම්,

ලංකාවේ ඩෙනිම් කියන fashion එක හරි අඩුයි. skinny jeans, high waist, button up ආවම හැමෝම ඇන්දේ ඒවා. ඇදුමකින් අපි අපේ අග සමතුලිත කරගන්නයි බලන්න ඕනේ. එකතකොටයි අඩුම වගේම අපිත් ලස්සනට පෙන්නේ. එතින් මන් මේ කියන දේවල් හැමෝටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. කැමති ය අදහසක් ගන්න.

ලස්සනට ඉස්මතු වෙන ඉනක් හෝ උකුලක් නැත්නම් high waist අදින්න එපා. එතකොට තවත් නැ වගේ පෙන්නේ. hip එකෙන් අදින low rise trouser අදින්න

hip fat තියනවා නම්, උකුලට වඩා පොඩි ලස්සන ඉනක් තියනවා නම් high වෛස්ට් අදින්න. fat තියන අයගේ ටයර් පනින්නේ නැ එතකොට. ඉන තව පොඩි වෙලා උකුල ඉස්මතු වෙලා පෙනෙයි. උඩැක්කි ලූක් එක ගන්න පුළුවන්.

ලොකු පස්සක් තියන, ඇගේ ඉහල කොටස ගොඩක් මහත කකුල් ගොඩක් කෙට්ටු කෙනෙක් skinny jeans වලට යන්නේ නැතිව boot cut වගේ අදින්න. එතකොට back එකත් එක්ක සමතුලිත බවත් ගේනවා.

ලස්සන හැඩ ඇගක් තියන කෙනෙක් නම් ඔයා, slim jeans අදින්න. එතකොට back or breast highlight නොකර ඇගේ හැඩේ පෙන්නන පුළුවන්.

crop tops අදිනවා නම් full button up high rise jeans ගන්න.

උපුටා ගැනීම අවසන්.

  1. ඔබට අවශ්‍ය වෙන්නෙ තත්ත්වයෙන් උසස් එක ඩෙනිමක් විතරයි. එවිට එය දස වසරක් උනත් අපූරුවට අදින්න පුලුවන්.එක ඩෙනිමකින් ස්ටයිල් කරන්නෙ කොහොමද? හැමදාම පට්ට ගහන්නේ එකම ඩෙනිම 🙃කියල නොකියන්න ලස්සට ස්ටයිලිෂ් ලුක් එකක් ඔයාගෙ ඩෙනිමට දෙන හැටි මේ වීඩියෝවෙන් බලන්න..

You May Also Like

කාන්තා අත්බෑගය fashion icon එකක්ද?

Leave a Reply

Your email address will not be published.