ඩිජිටල් ලෝකයේ අවධානම

ඩිජිටල් ලෝකයේ අවධානම

ෆේස් බුක් එකට හැමතිස්සෙම ඇවිල්ල එබෙන්න ඕනෙ පුරුද්දක් ඔයාට තියනවද? නෝටිෆිකේශන් චෙක් කරල බලන්න. ස්ටේටස් ශෙයා කරන්න. මොකක් හරි වැඩක් කර කර ඉන්න අතරෙත් අතට අරන් ෆෝන් එක බලන්න ඕනෙ වගේ හැගීමක්.
ඊලගට සමූහයකට මොනා හරි ලිව්වම තව ඔයාගෙ පින්තූරයක් ෆේස් බුක් දාලා ඒවට එන ප්‍රතිචාර මං කියන්නෙ කමෙන්ට් එහෙම විනාඩි පහෙන් පහට බලන්න ඕනෙ වගේ හැගීමක් එනවද?
 
පරිස්සමින් අපේ මොලයේ තියන හෝර්මෝන විශේෂයක් හරිම නරක විදිහට වැඩ කරන්න ඒ කියන්නේ ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. දිනපතා නව ෆේස් බුක් පරිශීලකයින් ලෝකයේ බිහිවෙනවා. ඇමරිකාවේ ඔක්සිජන් මීඩියා කියන ආයතනය කියන විදිහට අලුතින් දිනකට ෆේස් බුක් එකට එකතු වෙන ප්‍රමානය ලක්ශයක්. මේ සෙනග අතරිනුත් අවුරුදු 18ත් 34ත් අතර කාන්තාවන් විශාල ප්‍රමාණ වලින් එකතු වෙනවා. හැබැයි මේ 2020 වසරට අදාල දත්ත නෙමෙයි ඊට බොහෝ කාලයකට පෙර එක්කල දත්ත. මේ වෙනකොට එම සංබ්‍යාව ලක්ශයත් ඉක්මවා ගිහින්.
 
ඇයි මේතරම් මිනිසුන් ෆේස් බුක් වැලදගන්නේ. ෆේස් බුක් නිර්මාණය තුල සැගවුනු කතාවක් තියනවා මේ ඇප් එක බාවිතයේදී ඇබ්බැහිවීම ඇතිකරවන හෝර්මෝනයක බලපෑම සිදුවනවා. ඒ හෝර්මෝනයම තමයි සමහර ක්ශනික බීම වර්ග හා කෑම කනවිටත් උත්තේජනය වෙන්නෙ. සමහර බීම තියනවා මතක් වෙද්දි බොන්න ආස හිතෙන උත්තේජනයක් ලැබෙන. ඒ වගේ ක්‍රීම් සෝඩා එහෙම තියනවා නිකමට හිතන්නකෝ.🙂 ආන්න ඒ බීම එහෙම බොද්දි අර හෝර්මෝනය ස්‍රාවය වෙනවා. එතකොට ඒ බීම එහෙම නිතරම බොන්න ආස හිතෙනවා.
 
ඊලගට අපිව ආතතිය හා කාංසාමය තත්ත්වයට ගොදුරු වීමෙ හැකියාව වැඩියි. මොකක්ද මේ කියන්නෙ? ෆේස් බුක් ආවම ආතතියට ( stress ) ගොදුරු වෙනවද? ඔව්. ඒක නෑ කියන්න බැහැ. ෆේස්බුක් ඇබ්බැහිය ගෘහස්තික නියුරෝසියාවේ රෝග ලක්ශනයක් ලෙස පෙන්නුම් කරනව කියල හෙලිවෙලා තියනවා.
 
කෙනෙක් ෆේස් බුක් එකතුල තමන්ට ප්‍රතිරූපයක් හදාගන්න බාවිතා කරනවානම් විනෝදාස්වාදය එහා දෙයක් ඔහු හෝ ඇය බලාපොරොත්තු වෙනවා. එතනදී පුද්ගලයෙක්, තමා පිලිබද දැඩි අවදානයක් හා ආදරයක් සමාජයෙන් ලබාගැනීමට වෙහෙසෙනවා. එතනදි බොහෝ විට මවාපාන ලෝකයක් ජීවත්වීමට පුරුදු වීම නිසාම යමෙක් ආතතියට ලක් වෙන්න පුලුවන් .දිනපතා උදෑසන අවදිවන විටත් රාත්‍රියට යන්නෙත් ෆේස් බුක් එක බදාගෙන නම් එතනදී යම් පුද්ගලයෙක් තුල කාංසාමය තත්ත්වයක් ඇති කරවන්න පුළුවන් .
 
වෝල් එක හරහා විශාල තොරතුරු ප්‍රමානයක් එකවර හුවමාරු වනවා. ආර්ථික , දේශපාලන, ආගමික, සංස්කෘතික, අද්‍යාත්මික්, වානිජ , මේ ආදී ඉසව් වගේම නොයේකුත් අංශවලට අදාල තොරතුරු එකවර ලබාගන්න පුලුවන්. මේ සියල්ල එකවර ලබාගැනීමේදී පුද්ගල මනසට දරාගැනීමෙ හැකියාව අඩු වෙන්න පුළුවන් . සරල උදාහරණයක් ලෙස ඔබ වෝල් එකේ දකින විනෝදය සපයන පෝස්ට් එකක් ජෝක් පෝස්ට් එකක් කියමුකො මේක කියවල හිනාවෙන ඔබම ඊලග තප්පරයේදී දකින් හදවත් වේදනාවට පත් වෙන පින්තූරයක් නිසා දුකට හා කම්පනයට පත්වෙනවා.මම හිතනවා ඔබට මෙය වැටහෙනවා කියලා.
 
මීලගට ෆේස් බුක් හරහා පිරිස නිතරම සතුට හා තමන්ට ඇති හැකියාවන් හා භෞතිකමය සම්පත් වලින් ආඩ්‍ය බව නිරූපනය කරනවා. මේ හරහා තවත් පිරිසකට තමන්ට එවැනි ජීවිතයක් නැති බවට විචිකිජ්ජාමය හැගීම් ඉපදවෙන්නට පුලුවන් .
 
ඕස්ට්‍රේලියානු සරසවියක් වන ක්වින්ස්ලන්ඩ් සරසවියෙ පර්‍යේශකයින් පිරිසක් සොයාගෙන තියනවා ආතතිය ඇති කරවන “කෝටිසෝල් ” නම් හෝමනය ෆේස්බුක් බාවිතයේදී වැඩිපුර ක්‍රියාත්මක වනබව. ඔවුන් මෙයට විසදුමක් කන්ඩායම් බාවිතා කරගෙන සිදුකල පරීක්ෂණයකදී හොයාගෙන තියනවා. ඒ තමයි දින 05ක් වැනි කාලයක් ෆේස් බුක් බාවිතා නොකර සිටීමෙන් ආතතිය පහව යනවග.
 
ඇත්තටම මේ ක්‍රමය 100%ක් සාර්ථකයි. එහෙම කියන්නෙ මගේ අත්දැකීමත් එක්තු කරන්. මම මේ පිලිබදව දැනගන්න කලින් ඉදන්ම මානසික ආතතියක් පීඩාකාරීබවක් ආවම ෆේස් බුක් එකෙන් ඈතට වෙලා ඉන්නවා සතියක් විතර ඒක හරි මානසික සැනසීමක් ගේනවා.
 
එහෙනම් අපි අවදානම දැනගෙන ඩිජිටල් ලෝකය එක්ක ගනුදෙනු කරමු.
32

Leave a Reply