කොරෝනා සමයේ එකතැන තිබුුනු වාහන තියෙන්නේ අනතුරක .

කොරෝනා සමයේ එකතැන තිබුුනු වාහන තියෙන්නේ අනතුරක .

කොරෝනා සමයේ ඔයාගෙ වාහනයත් තිබුනේ එකතැනද?
අනතුරක් අතලගයි.

කොරෝනා අවධානම නිසා රට පුරාවට මාසයකටත් අධික කාලයක් ඇදිරිනීතිය පැවතුනා. තවමත් බස්නාහිර පලාතට ඇදිරි නීතිය අයින් කරල නැහැ. ඔයාගේ වාහනේ කොහෙද දැන් තියෙන්නේ ? වත්තෙ කොහෙ හරි තැනක පාක් කරලද? වාහනේ දූවිලි වලින් වැහිලද? ඒකටනම් කමක් නෑ. ඊට වඩා ලොකු අනතුරක් ගැනයි සීක්‍රට් දූ ලංකා මේ කියන්න යන්නේ.

ඔයාගේ වාහනේ කර්ෆිවු දැම්ම දවසේ ඉදල ස්ටාට් කරේ නැත්නම් ඔක්කෝටම කලින් මේ ලිපිය කියවන්නත් කලින් දුවල ගිහින් ස්ටාට් එකේ තියල එන්න. එක දිගටම වාහනය පාවිච්චි නොකර හිටියොත් වාහනයේ බැටරියට හානි වෙලා ස්ටාට් නොවෙන්න පුළුවන්. අපේ ආයතනයට ආපු ගොඩාක් ඇමතුම් වලින් 50% ක් විතර ආවේ අලුතින් බැටරි මිලදීගන්න වුනු පාරිබෝගික ඇමතුම්. ඒ නිසා දුවල ගිහින් බලන්න ඔයාගේ වාහනය මේ අනතුරින් මිදිලද කියල.

ඇත්තටම සීක්‍රට්දූ ලංකා ට මේ ලිපිය ලියන්න පරක්කු වැඩිදෝ මන්ද කියලත් හිතෙනවා. මේ ගැන දැනුවත් වෙන්න තිබුනේ මීට කලින්. කොහොම වුනත් දැන් හරි අපි මේ අනතුර ගැන කතා කරමු.

වාහනය පාක් කරල තියන්න කලින් කොහේ හරි ගමනක් ගිහින් ඇවිත්නෙ ඉන්න ඇත්තේ. කොරෝනා අවධානමෙන් වලකින්න ඔයා නම් අත විතරක් නෙමෙයි ස්නානය කරලම ගේ ඇතුලට එන්න ඇති. ඒත් ඔයාගේ වාහනය සේදුවද? වාහනය පාවිච්චියේදී වැලි මඩ දූවිලි ප්ලාස්ටික් කැබලි හා දිරා යන අපද්‍රව්‍ය කොටස් වාහනය තුළ රැදිල තියනවා. ඉතින් මේ මාස දෙක තුළ වාහනය එක තැනම තිබීම නිසා වායුගෝලයේ වායූන්ගේ ඝනත්වය වෙනස් වීම වගේම වෙනස් වන පරිසර තත්ත්වයන් නිසා යකඩ කොටස්වල මලකඩ බැදෙන්නත් රබර් බුෂ්,සස්පෙන්ෂන් වලට හානි වෙන්නත් පුළුවන්.

වාහනය දැන් නතර කරල තියෙන්නේ පොලොව මට්ටමට වඩා උස් බිමක නම් එක පාර ස්ටාට් කරන්න යන්න එපා. ටික දුරක් තල්ලු කරගෙන ඇවිත් තැනිතලා පොලොවක් මතට ගේන්න. දැන් ස්ටාට් කරන්න. මේකට හේතුව තමයි වාහනයේ ගියර් සිස්ටම් එකට , බ්රේක් සිස්ටම් එකට වැඩි බලයක් නොයොදා ස්මූත්ව ස්ටාට් කරන්න පුළුවන් වීම. ටයර් ප්‍රෙෂර් එකට වුනත් ඒක හොදයි. ස්ටාට් කරන්න කලින් හුළන් චෙක් කරල බලන්න. මොකද එක තැන නතර කරල තිබ්බම හුළං අඩුවීමත් සිද්ධ වෙනවා. බැරි වෙලාවත් හුළං බැහැල තිබ්බොත් ෆ්ලැට් ස්පොට් වගේ හානි සිදුවෙන්න පුළුවන්.

වාහනය පාක් කරල තියෙන්නේ තැනිතලා බිමක නම් හෑන්ඩ් බ්‍රේක් අදින්න එපා. දිගුකාලයක් හෑන් බ්‍රේක් ඇදල තියනකොට බ්‍රේක් ලයිනර් හිරවෙනවා. ගෙදරනේ තියෙන්නේ කියල හැමදාම හෝදන්න යන්නත් එපා. හෝදල එක තැන තිබ්බම බ්‍රේක් පෑඩ් ඩිස්ක් හිරවෙනවා.

ඔයාගේ වාහනේ විනාඩි 20 ක් විතර ස්ටාට් එකේ තියන්න සතියකට දවස් 02 ක් විතර. හැබැයි විදුලියෙන් ක්‍රියා කරන ඒසී එකයි රේඩියෝ සෙටප් එකයි ඕෆ් කරල තියන්න. පුළුවන් නම් පොඩි දුරක් ඉස්සරහට පස්සට ගන්න. මේකෙන් ඔයාගෙ බැටරිය ආරෝපනය වෙලා බැටරිය සවුත්තු නොවී තියෙනවා.

මේ පුන්චි දේ කරන්න පුළුවන් නම් ඔයාගේ වාහනයට තියන අනතුර වලක්වා ගන්න පුළුවන්. අවාසනාවකට ගොඩාක් දෙනෙක්ට මේ කාරණා මගහැරිලා.

ඉන්ධන ටැංකිය පූර්ණව පුරවා තියන එක වඩාත් හොදයි. ඉන්ධන ටැංකිය මලකෑමෙන් වලක්වා ගන්න පුළුවන්. හැබැයි ඉන්ධන ටැංකිය මල කෑමේ අවධානම නම් ගොඩාක් අඩුයි. කෝකටත් ඉතින් පරිස්සම හොදයිනේ.

සයිලන්සර් එක හා එයා ඉන්ටේක් එක ( එන්ජිමට සුළං ඇදල ගන්න ස්ථානයේ ඇති විවරය ) ආවරණය කරල තියන්න පුළුවන් නම් වටිනවා. එවිට මීයන්, ලේනුන් වැනි සතුන්ගෙන් වන හානිය වලක්වා ගන්නත් පුළුවන්. ඒ වගේම කෘමි සතුන් හා මීයන් වැනි සතුන්ගෙන් ආරක්ෂා වීමට හොදා ගන්නා ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන්.

36

This Post Has One Comment

Leave a Reply