ඔයාගෙ වාහනයට ගැලපෙන ඔයිල් වර්ගය තෝරගන්නෙ කොහොමද?

ඔයාගෙ වාහනයට ගැලපෙන ඔයිල් වර්ගය තෝරගන්නෙ කොහොමද?

වාහනයෙ එන්ජිමට ඔයිල් කියන්නේ හරියට අපේ ශරීරයට රුධිරය වගේ. ඔයිල් ගැන කතාකරද්දි විවිධ වෙළද නාම සහිත ඔයිල් වර්ග වගේම වාහනයෙන් වාහනයටත් ඔයිල් වර්ග වෙනස් වෙනවා.

ප්‍රධාන වශයෙන් ඔයිල් කොටස් තුනකට බෙදෙනවා. ඒනම්,

01) fully synthetic
02)semi synthetic
03)minaral

ඝනත්වයේ ප්‍රමාණය අනුවත් කොටස් දෙකකට බෙදෙනවා.
01) Multi grade
02) mono grade

ඔයිල් වල විශේශත්වය වෙන්නේ : ඔයාගේ වාහනයේ වර්ගය අනුව බාවිතා කල යුතු ඔයිල් වර්ගය වෙනස් වෙනවා වගේම ධාවනය කර ඇති දුර ප්‍රමාණය අනුව යොදාගත යුතු ඔයිල් ඝනත්වය වෙනස්වීම. උදාහරණයක් විදිහට බෑන්ඩ් නිව් හෝ 200Km විතර දුවපු වාහනයක් නම් ගත්තේ 0w20 ඔයිල් එක තමයි පාවිච්චි කරන්නේ 75000Km -80000km විතර දුර ප්‍රමාණයක් දිව්වහම 5W30 ඔයිල් එක තමයි පාවිචචි කරන්නෙ. 125000 – 3000Km අතර දුරක් දිව්වහම 10W30 වලට මාරු වෙනවා.

එන්ජින් ඔයිල් වලින් ප්‍රධාන වශයෙන් සිදුවෙන්නේ එන්ජිමේ ආරක්ෂාව තහවුරු වීම. එන්ජිම ඇතුලෙ තියන යකඩ කොටස් එකිනෙක වැදී ගෙවීම නතර කරන්න හැකියාව ඔයිල් වලට තියනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මල්ටි ග්‍රේඩ් ඔයිල් එකක් පාවිච්චි කරන්න කියල. උදෑසන කාලයේදී හෝ එන්ජිම සීතල වෙලා තියෙද්දි ඔයිල් එකේ ඝනත්වය අඩු වුනාම සම්ප් එකේ තියන ඔයිල් එන්ජිම කරා පහසුවෙන් ලගා වෙනවා. එන්ජිම රත් වෙන්න රත් වෙන්න යකඩ කොටස් ප්‍රසාරනය වෙද්දි යකඩ කොටස් අතර පරතරය වැඩි වෙන කොට ඔයිල් එකේ ඝනත්වය වැඩි වෙන්න ඕනෙ. එන්ජිමේ උෂ්නත්වයට සාපේක්ෂව ඔයිල් එකේ ඝනත්වයත් වැඩි වෙන්න ඔනෙ. අන්න ඒකට තමයි multi grade oil පාවිච්චි කරන්නෙ.

මීට අමතරව යකඩ කොටස් වල තියන ගර්ෂනය නැති කරල රළු සද්ද ඇති කිරීම වලක්වන්න එන්ජින් ඔයිල් උපකාරී වෙනවා.ඒ වගේම එන්ජිම මලකඩ කෑමෙන් වක්වන්නෙත් එන්ජින් ඔයිල්.

ලංකාව තුළ ඔයිල් ආනයන කරුවන් ප්‍රධාන වශයෙන් කැල්ටෙක්ස්, කැස්ට්‍රෝල්, මොබිල්, ලාෆ්,ෂෙල්, සර්වො, ටොයොටා හා වැල්වලයින් වැනි වෙළදනාම දකින්න පුළුවන්. මොවුන් සියල්ලන් බහු ජාතික සමාගම්. වෙළදනාම අනුව ඔයිල් වල මිල ගනන් වෙනස් වෙනවා.

ඔයිල් වර්ග වල ස්වභාවය මොන වගේද?

01) Minaral oil * – ස්වභාවික ඛනිජ තෙල් ආශ්‍ර‍යෙන් නිපදවේ. 3000Km – 4000km අතර දුර ප්‍රමාණයක් දුවන්න පුළුවන්.
02) fully synthetic oil – කෘතිමව නිෂ්පාදනය වන නිසා මිලෙන් ඉහළයි. 10000Km දුරක් දුවන්න පුළුවන් වසරක කාලයක්.
03)semi synthetic oil – ඉහත සදහන් දෙකේම එකතුවක්. ස්භාවික හා කෘතීම. 5000km දුරක් හා මාස 06 ක කාල සීමාවක්.

මේ ඔයිල් තුන ගත්තොත් අඩු කාලයකදී වැඩි ධාවනයක් සිදුවන වාහනයකට ගැලපෙන්නේ Fully synthetic oil.

0 w වලින් පටන් ගෙන ඝනත්ව අගය වැඩි වෙන ආකාරය අනුව multigrade oil වල පිලිවෙළ.

0w30
0w20
5w30
10w30
15w40
30w50
85w90
75w90

මීට අමතරව වාහනයකට යොදා ගන්නා ඔයිල් වර්ග මේ විදිහට බෙදන්න පුළුවන්. එන්ජින් ඔයිල් (engine oil / clutch oil / gear oil /break oil /power stearing oil විදිහට.

අපි එහෙනම් ඊලග ලිපියෙන් ගියර් ඔයිල් ගැන කතා බහ කරමු.

සීක්‍රට් දු ගේ ලිපිය හොදයි කියල හිතනවනම් ශෙයා කරන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න.
හැම සතියෙම මම වාහන සම්බන්ධ වීඩියෝවක් ගේනවා බලන්න කැමති නම් පහළ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
මම ලියන ලිපි කියවන්න කැමති නම් මේල් එකක් දාල ඔයා කියවන්න කැමති මොන අංශයෙන් ලියන ලිපිද කියල මට කියන්න.

* MOTIVATION & POSITIVE THINKING
*MINIMALISM
*VEHICLE
*TRAVEL & LIFE
*BEAUTY & FASHION

ඔයා කැමති ක්ෂ්‍රේත්‍රය යටතේ ලිපි ලැබෙයි. ඊමේල් එකක් නැත්නම් වට්ස් අප් අංකය මට ඉන්ස්ටග්‍රෑම්/ෆේස් බුක් පේජ් එකට එවන්න.
සුබ දවසක්! සරලව ඉන්න!

33

Leave a Reply